(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි )

අත්තනගළු ඔයේ දුනමලේ ජල මාපකය අසල දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ලිස්සා වැටී  දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි නිට්ටඹු පොලිසිය කියයි .

මෙ සේ අතුරුදන් වී ඇත්තේ කොළඹ පිටකොටුව ගුණසිංහපුර මහල් නිවාස පදිංචිව සිටි පාතිමා පස්නා 20 නමැති තරුණියක් බව ද පොලිසිය සඳහන් කරයි  ඇය  පිටකොටුවේ පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කර ඇතැයි ද හෙලි වී තිබේ .

ගුණසිංහපුර යේ වෙසෙන පිරිසක් ඔවුන්ගේ ඥාතීන් වෙසෙන තිහාරිය  නිවසකට පෙරේදා දහවල් පැමිණ ඇති බවත් මෙම තරුණිය ද එම පිරිස සමග පැමිණි ආගන්තුක තරුනියක බව හෙලිවී ඇත .

මෙම තරුණිය ඇතුළු හත් දෙනකු අත්තනගලු ඔයේ දියනෑමට ගොස් ඇති අවස්ථාවේ මෙම තරුණිය ගල්තලාවක් මත සිට ලිස්සා ඇද වැටී ඇතැයි හෙළි වී තිබේ .

තමන් පිහිනීමට නොදන්නා බව කියමින් බේරා ගන්නැයි ඇය කෑ ගසද්දී ම දියේ ගිලී ගසා ගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

ප්‍රදේශවාසීන් හා එක්ව පොලිසිය තරුණිය සොයා ගැනීමට අද(3) දහවල වන  තුරුම උත්සහ ගත්තත් පලක් පලක් වී  නැත.

නාවික හමුදා කිවිදුන්  කණ්ඩායමක් ගෙන්වා  තරුණිය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කෙරෙන බව නිට්ටඹුව  පොලිසිය සඳහන් කරයි.