(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශාමන්)

පානදුර හෝටලයක ඊයේ (01) රාත්‍රි  ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටී ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන්  රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනිමට අද දහවල් එකගවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .

එම මුදල් ලබාගැනීම සදහා  පැමිණිලි පාර්ශවය එකගත්වය පලකර පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්බවද පොලිසිය කීය.

පැමිණිලි පාර්ශවය මුදල් ලබාගැනීමෙන් පසු පැමිණිල්ල  තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම් දීමෙන් පසු දෙපාර්ශවයට අවවාද කර පිටත්කර යැවූ බවද උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

අද පෙවරුවේ දෙපාර්ශවය පානදුර දකුණ පොලිසියට කැදවා තිබුණි.

සිද්දිය සම්බන්දයෙන් ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අදහස් දක්වමින් සදහන් කලේ. එය මාධ්‍ය  මගින් ඉස්මතු කල පරිදිවූ  සිදුවීමක් නොවන බවත් රුපියල් 25,000 ක් ලබාදී දෙපාර්ශවය සමතයකට පත්වූ බවත්ය.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරන ලදී.