ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
කතරගම වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රය කිරීමට ස්ථානය තෝරා ගැනීමේදී කතරගම බස්නායක නිලමේවරයා ඇතුළු පාර්ශ්වය සහ කපු මහත්වරුන්ගේ පාර්ශ්වය අතර ඉකුත් 30 වැනිදා හටගත් මත ගැටුමක් හේතුවෙන් එහි දැඩි උණුසුම්කාරී සහ ගැටුම්කාරී තත්ත්වයක් හටගත් බව කතරගම පොලීසිය පවසයි.
එක් පාර්ශ්වයක් තවත් පාර්ශ්වයකට පොලු මුගුරුවලින් පහර දීමට තැත් කළ අවස්ථාවේ ඇති වීමට ගිය ගැටුම්කාරී තත්ත්වය පොලීසිය මැදිහත් වී මැඩපැවැත්වූ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි දෙකක් කතරගම පොලීසියට පෙරේදා (2) ලැබී ඇත.
ලැබී ඇති මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
බස්නායක නිලමේ ඩිෂාන් ........... මහතා ඇතුළු පාර්ශ්වය ගිනි පෑගීමේ චාරිත්‍රය කතරගම වල්ලි මාතා දේවාලය අසල පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරද්දී, කපු මහත්වරුන්ගේ පාර්ශ්වය එය අභිනවාරාමය අසල පැවැත්විය යුතු බවට තීරණය කර, එම ස්ථානයේ ගිනිමැලය සකස් කිරීමට අවශ්‍ය දර ද රැගෙනවිත් ඇතැයි පොලීසිය කියයි.
අභිනවාරාමයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ද විහාරස්ථානය අසල ගිනි පෑගීමට විරෝධය දක්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනාදිමත් කාලයක සිට පැවත එන ගිනි පෑගීමේ චාරිත්‍රය ද ඉටු කළ යුතු බැවින්, කතරගම අභිනවාරාමය ආසන්නයේදීම දැඩි පොලිස් පොලිස් මුරකාවල් යටතේ ගිනි පෑගීමේ චාරිත්‍රය ඉටු කළ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ, හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතාගේ මෙහෙයුම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසිකව දුර්වල මිනිස්සු රවටා ජනතාව සූරාකන අය රටේ සංවර්ධනය සඳහා තමන්ගේ ආදායමෙන් විස්සෙන් එකක් දීමට අකැමැතිව කළ වැඩක් කියලා පේනවා...!
කපුවෙක් වෙන්න මොන කෝස් එකද කරන්න ඕනේ..? දන්නා කෙනෙක් කියන්නකෝ...! මොන විද්‍යායතනයේද කපු කෝස් තියෙන්නේ…?
මෙච්චර කාලයක් ගිනි පෑගුවෙ කොහෙද එතකොට. දෙපිරිසට මෙනවා හරි බෙදා ගන්ට හෝ බදාගන්ට බැරිවෙලා වගෙයි. මෙහෙමත් විහිලු.