(යොහාන් භාසුර)

කඩුවෙල සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් අද (2) රාත්‍රී 8.00 සිට හෙට (3) අළුයම 3.00 දක්වා එම ප්‍රදේශයේ මාර්ග රැසක රථවාහන ගමනාගමනය සීමා කළ බව පොලිසිය පවසයි.

පෙරහැර වීථි සංචාරය කරන කාලය තුළ එම මාර්ගවල රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර නව නුවර මාර්ගය ඔස්සේ (177 මාර්ගය) මාලඹේ දෙසට ගොස් කොතලාවල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට පැමිණ, රාජසිංහ මාවත ඔස්සේ කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට (143 මාර්ගය) පිවිස හේවාගම අධිවේගී මාර්ග පිවිසුම අසළ සිට කඩුවෙල මංසන්ධිය දක්වාද පැමිණ, දකුණට හැරී මාලඹේ දෙසින් යළි විහාරස්ථානයට පැමිණ අවසන් වන බව ද පොලිසිය සඳහන් කරයි.