
(කේ.ඩී.දේවප්‍රිය)
ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට ලක්ෂ 03 ඉක්මවා බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණි බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරයි.
දිවයිනේ සතර දෙසින් ජන ගඟක් කතරගම පුදබිමට පැමිණි අතර පෙරහර නැරඹීමට කල්වෙලා ඇතිව පැමිණ ලැගුම් ගැනීමට ක්‍රියා කරන ලදි .
පෙරහැර ආරම්භ වු 19 වැනි දින සිට බැතිමතුන් ලක්ෂ 07 කට වැඩි සංඛ්‍යාවක් කතරගම පුදබිමට පැමිණි තිබුණි .
අද දින පමණක් ලක්ෂ 03 ඉක්මවා බැතිමතුන් පැමිණිම මත කතරගම රථගාල් වාහනවලින් පිරි පැවැතියේය.
බැතිමතුන් ගේ පහසුව පිණිස කතරගම දේවාලය දිවා රාත්‍රි විවෘත තැබිම ප්‍රධාන කපු සොමිපාල ටිි. රත්නායක මහතා ක්‍රියා කර තිබේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd