(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නවගත්තේගම කොන්කඩවල වැවේ නෙළුම් මල් කැඩිමට ගිය එක් දරු පියකු දියෙ ගිලී මරණයට පත්වි ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම කොන්කඩවල පදිංචි 60 හැවිරිදි තෙන්නකොන් මුදියන්සේලාගේ සිරිසේන නැමති එක් දරු පියෙකී.

තම එකම දරුවා වන 25 හැවිරිදි පුතා නිතර රෝගී වන බැවින් ඒ සදහා දේශීය වෙද මහතෙක් විසින් සිදු කරනු ලබන ශාන්තිකර්මයක් සදහා අවශ්‍ය නෙළුම් මල් කැඩිමට මෙම පියා කොන්කඩවල වැවට ගොස් ඇති බවත් එහිදි මඩේ එරී දියේ ගිලි ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

මෙම ශාන්තිකර්මය සදහා නෙළුම් මල් පමණක් මෙම එක්දරු පියාට කැඩිමට සිදුව තිබු බවත් එම ප්‍රතිකාර සදහා අවශ්‍ය අනිකුත් දැ හිතවතුන් හා ඥාතින් භාර ගෙන තිබු බවද කියයි.

අදාල තැනැත්තා පාපැදියකින් පැමිණ  වැව ආසන්නයෙ නිවසක පාපැදිය දමා ගොස් ඇති බවත් සවස් වනතුරුත් නැවත නොපැමිනීම හේතුවෙන් ගම්වාසින් විසින් සොයා බලා ඇති බවත් ප්‍රදේශවාසින් විසින් වැව පිරමින් අදාල පියා සොයන විට මඩේ එරී දියෙ ගලි මරණයට පත්ව සිටියදී සිරුර සොයා ගෙන තිබුනී.