(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වරාය අධිකාරියේ අධ්‍යක්ෂක මානව සම්පත් කළමනාකරුගේ බොරලැස්ගමුව කටුවාවල නිවසට උල් පිහියක් රැගෙන ඇතුළු වි මෙහෙකාරිය බියගන්වා රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි .
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අතර කොල්ලය සිදුකළ පුද්ගලයා කොල්ලය සැලසුම් කළ පුද්ගලයා සහ කොල්ල යේ දේපල සඟවාගෙන සිටි පුද්ගලයා ද වන බව පොලීසිය සඳහන් කරයි .
එම නිවසින් කොල්ල කා තිබූ රුපියල් රුපියල් ලක්ෂ 35 ක මුදලින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ,ඇමරිකානු ඩොලර් 10950 ක් රුපියල් ලක්ෂ 40කට ආසන්න රන් ආභරණ මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුන් සන්තකේ තිබූ ජීව අත්බෝම්බයක් මෙන්ම හොරයින් මත්කුඩු ගෑම් 24 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් මස 12 දින මෙම කොල්ලය සිදුවී තිබිණි.
මෙහෙකාරියගේ සැමියා සහ දරුවා දීන කිහිපයක සිට අධ්‍යක්ෂකවරයාගේ නිවසේ නැවතී සිට ඇති අතර ඔවුන් ගම් ප්‍රදේශයට ඇරලිම සඳහා මෙහෙකාරිය මහරගමට ගොස් නිවස වෙත පැමිණෙනවාත් සමඟම ඇයගේ පිටුපසින් පැමිණි නාඳුනන පුද්ගලයකු මරණ බවට තර්ජනය කරමින් ඇයගේ අත් ඉදිරිපස කර ගැට ගැසූ බවත් මෙහෙකාරිය පොලිසිය හමුවේ එදින ප්‍රකාශ කර තිබිණි.
අනතුරුව කොල්ලකරු විසින් මෙහෙකාරි අමතා නිවස තුළ තිබෙන වටිනා භාණ්ඩ තිබෙන තැන් පෙන්නන ලෙසට තර්ජනය කර ඇති අතර මෙහෙකාරිය විසින් එම ස්ථාන පෙන්වීමෙන් අනතුරුව කොල්ලකරු එම දේපල රැගෙන පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
මෙම කොල්ලේ සැලසුම් කර තිබුණේ අධ්‍යක්ෂකවරයාගේ නිවසේ වහලය පිළිසකර කිරීම සඳහා අවස්ථා කීපයක දී පැමිණි පුද්ගලයකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
USD 10950 ලග තියාගත්තෙ කොහොමද ? මෙතරම් මුදලක් මොහු උපයාගත් ආකාරය ගැන සොයා බලුව නම් වටි...