(ඉන්දිකා රාමනායක)
අච්චුවේලි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පොල්ලකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අද (2) සවස අත්අඩංගුවට ගත් බවත් අච්චුවේලි පොලිසිය පවසයි.
අච්චුවේලි ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු නිවසේ දේපළවලට හානි කරමින් මුදල් සහ දේපොළ සොරකම් කරන බවට ලද තොරතුරකට අනුව විමර්ශනයට ගිය පොලිස් නිලධාරියකුට එහි සිටි සැකකරුවන් තිදෙනකු පොල්ලකින් පහර දී පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් අනතුරුව පලාගොස් සිටි සැකකරුවන් තිදෙනා නිර්වෙලි, මඩතඩි යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් තිදෙනා (3) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd