විදුලි රැහැනක පැටලී පියා-දියණිය මරුට පුස්සැල්ලාව මායිප්පල ප්‍රදේශයේදී එළවළු කොටුවක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලි විදුලි සැර වැදීමෙන් පියෙකු සහ දියණියක මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසයි. 30 November 2023
ගිනි කොන බෙංගාල බොක්කේ කැළඹිල්ල අදත් ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැලඹිලි ස්භාවය නිසා දිවයිනේ වැස් තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 November 2023
පොලිසියට වෙඩි තියන්න ගිහින් මාට්ටු ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයකු බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ තුනක් ද සමගින් ඊයේ (29) රාත්‍රි අත් අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. 30 November 2023
හිටපු මලල ක්‍රීඩකයා කපා කොටා මරල කැළණිය වාසල දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ දක්ෂ මැරතන් ක්‍රීඩකයකු ඝාතනය කර ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි. 29 November 2023
සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගහලා ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගි 29 November 2023
මෙරට ණය ගැන ණය හිමියන්ගෙන් කොළ එළියක් මෙරට ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කොන්දේසිවලට නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 29 November 2023
රත්තරන් මිල අඛණ්ඩව ඉහළට යයි දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල මේ දිනවල නැවතත් ඉහළ යමින් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 29 November 2023
ජනපති ඩුබායි යයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රාත්‍රී ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යයි . 29 November 2023
පොලිතින් සිද්ධියට නාවලපිටිය විදුහල්පති රිමාන්ඩ් ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනකුට කෑම ඔතන පොලිතින් කැවු විදුහල්පතිවරයා ලබන මස 04 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා නියෝග කෙළේය. 29 November 2023
කැබිනට් තීරණ ගැන වරප්‍රසාද ප්‍රශ්න නැගිය හැකිද? කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කරන්නට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබේ. 29 November 2023
පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි රහස් පොලිසියට එරෙහිව සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පෙබරවාරි 28 වැනිදා පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් වී කරුණු දක්වන ලෙසට පොලිස්පතිවරයා ඇතුළු තිදෙනෙකුට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතිසි නිකුත් කළේය. 29 November 2023
ප්‍රා.ලේ.කොට්ඨාස 27 කට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) සවස නිකුත් කරනු ලැබ තිබේ. 29 November 2023
අධිවේගී මාර්ග ටිකට් කවුළුවලට ආබාධිතයන් අධිවේගී මාර්ග වල ප්‍රවේශපත්‍ර කවුළුවල රාජකාරි සඳහා ලෝකයේ දියුණු රටවල මෙන් ආබාධිත පිරිස් යොදවන්නැයි ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවසමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2023
රුවන්පුර අධිවේගී පාර කෝ? රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නතර කිරීමෙන් රත්නපුරේ ජනතාවගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී ජේ.සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 29 November 2023
සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර අද (29) තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග කොට සිටියේය. 29 November 2023
හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව පෙත්සමක් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 29 November 2023
පෙර පාසල් ගුරුවරියන්ට කම්කරු ඇමතිගෙන් සහතිකයක් නව රැකීරක්ෂා පනතින් මෙරට සියලුම වෘත්තීන්හී ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනම පරිච්ඡේදයක් හඳුන්වා දෙන බවත් එමගින් දැනට වෘත්තියක් ලෙස නිසි ගරුත්වයක් නොලැබෙන සියලුම වෘත්නීන්ට නිසි පිළිගැනීමක් ලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 29 November 2023
අල්ලස්ගත් කාති උසාවියේ විනිසුරු අත්අඩංගුවට කොළඹ උතුර ( කාති) උසාවියේ විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි . 29 November 2023
කුවේටයෙන් පිටුවහල් කළ 35ක් මෙරටට කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර අද(29) කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 29 November 2023
පොල් සල්ලි භාණ්ඩාගාරයට දෙයි පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂයේ උපයන ලද ආදායමෙන් රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ. 29 November 2023
සා.පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (30) හෝ අනිද්දා (1) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2023
යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 29 November 2023
දේශබන්දුට වැඩ බලන්න දෙයි බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 29 November 2023
සටන් විරාමය දීර්ඝ කර ගන්න සාකච්ඡා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමය, අද (29) අවසන් වීමට නියමිතව අතර, සටක් විරාමය තවත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සාකච්ඡා පැවැත්වෙයි. 29 November 2023
බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය බන්දුල ගුණවර්ධන විපක්ෂයේ ඉන්නා විට කියූ දේවල් හොඳටම මතක යැයිද ඔහු ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්රහ කරමින් සිටින්නේ යැයිද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 29 November 2023
ජල පාලක දියේ ගිලී මරුට කලා වැවේ සිට වාරි ජලය මුදා හැරෙන ජය ගඟේ සොරොව්වක, යන්ත්‍ර ක්‍රියාකරු ලෙස (ජල පාලක) ලෙස කටයුතු කල පුද්ගලයෙකු රාත්‍රියේ දීයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව එප්පාවල පොලිසිය පවසයි. 29 November 2023
වන අලියා පෙරැලු බිත්තියට යටවු තරුණයා මරුට සීගිරිය කිබිස්ස ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වන අලියෙකු බිත්තිය පෙරළා දැමීමෙන් එයට යට වූ 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 29 November 2023
මත්තලට ආයෝජකයෝ හතක් මත්තල ගුවන් තොටුපොළේ ගුවන්යානා අලුත්වැඩියා සඳහා ආයෝජකයන් හත් දෙනකු ඉදිරිපත්ව ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ( 29) පැවසීය. 29 November 2023
’’අපි ජනපති එක්ක කුමන්ත්‍රණ කළ අය’’ ’’අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය’’ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 29 November 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026