
බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. රාජකීය මංගල උත්සවය ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය.
32 හැවිරිදි අබ්දුල් මාටීන් කුමරු ඉස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයකි. අබ්දුල් මාටීන් කුමරු ජනප්‍රිය වී සිටින්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාත්, හමුදා නිලධාරියකු වීම නිසාත්ය. ආසියානු තරුණියන්ගේ ‘වඩාත් ආකර්ශණය දිනූ තනිකඩයා’ ලෙස ද අබ්දුල් මාටීන් කුමරු කලක් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
කුමරුන්ගේ අත ගත්තේ, වසර ගණනක් ඔහුගේ ආදරවන්තිය වූ 29 හැවිරිදි යැංග් මුලියා අනීෂා රෝෂ්නාය. ඇය සාමාන්‍ය පවුලක යුවතියකි. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දෙසැම්බරය් සිදුවිය. යැංග් මුලියා අනීෂා රෝෂ්නා විලාසිතා සහ සංචාරක සමාගමක හිමිකාරිණියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ කුමරෙකුත් මගුල් කෑවා ලක්ෂ 25 ක විදුලි බිලක් ගෙවලා. හැබැයි, මංගල උත්සවයේ දින ගණන නම් දන්නෙ නැහැ !!!
වෙලාවට මෙහෙ කුමාරවරු කියලා හිතාන ඉන්න තුන් දෙනා බැන්දේ .නැත්නම් මේක දැක්කා නම් ඉතින් මේකත් අපේ බදු සල්ලි වලින් දවස් 14 ක් වත් මගුල් කන්න ගෙවන්න ඕනි නේ
මගුල් කෑවාට, විදුලි බිල කීයද කියලා දන්නෙ නෑ, මතක නෑ, කියන්නෙත් නෑ ...
අපේ රටෙත් අර කුණු කටාගේ පුත් කුමාරයා රජ මාලිගාවේ මගුල් කෑවා එදා ඒ කාලේ ?
සුබපැතුම්...!