(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බත්තරමුල්ල  අකුරේගොඩ වැවේ  විනෝදයට පාසල් මිතුරන් අට  දෙනෙකු සමග දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ තලංගම බණ්ඩාරවත්ත  අංක 20 / 27 / C හි , පදිංචි . බාලසූරියගේ දොන් පැතුම් උදයන්ත නමැති (20) පරිගණක තාක්ෂණ ශිල්පියෙකු බව පොලිසිය කියයි .

මෙම තරුණයා තවත් පාසල් මිතුරන් අට දෙනකු සමග  බත්තරමුල්ල අකුරේගොඩ වැවේ විනෝදයට දිය නෑමට ගොස් සිටියදී එක්වරම මෙම දියේ ගිලී අනතුරට පත්ව  ඇති අතර ඒ බව තවත් මිතුරෙකු දැක ක්ෂණයකින් ක්‍රියාත්මක වී සෙසු මිතුරන්ද සමග ඔසවාගෙන ගොඩට ගෙනැවිත් තිබේ.