(ගයාන් සූරියආරච්චි)

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 11 කට වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී යතුරැපැදි, දේපොළ සහ මුදල් ඇතුළු සොරකම් කීපයක් පිළිබදව අනාවරණය කරගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස 28 ක් වූ සීදූව රාජපක්ෂපුර ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සොරකම් කරන ලද අත් ඔර්ලෝසු 2 ක්, අත් පළඳනාවක්, රූපවාහිනී යන්ත්‍රයක්, ජංගම දුරකතන 2 ක් හා රන් කැබැල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.