
අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ විය. අයිස්ලන්ත බලධාරීන් කියා සිටියේ නගරයේ යටිතල පහසුකම් සියල්ල ද විනාශ වූ බවය.
අයිස්ලන්තය ගිනි කඳුවලින් බහුල දූපත් රාජ්‍යයකි. 3,76,000 ක ජනගහනයක් වෙසෙන අයිස්ගන්තය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාවත්, යුරෝපයත් මායිම් වන ස්ථානයේ උතුරු අත්ලාන්තික් සාගරයේය.
ලාවාවලින් විනාශ වූයේ රෙජවික් අගනුව සිට කිලෝ මීටර් 70 ක් දුරින් පිහිටි ග්‍රිඩාවික් නමැති කුඩා ධීවර නගරයයි.

නගරය අසල ගිනි කඳු විවරවලින් ලාවා මතුවීමට පටන් ගත්තේ පසුගිය නොවැම්බරයේය. ඒ අනුව, එදා සිට ග්‍රිඩාවික් නගරයෙන් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. එහෙයින්, ජීවිත හානි කිසිවක් සිදු නොවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd