(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල් අළෙවි කරන සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන් ‘වැට්’ බදු ගෙවීමට ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සිදුවීමෙන් සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට පත්ව සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලැබෙන සියයට තුනකටත් වඩා අඩු කොමිස් මුදලින් අදාල වැට් බදු ද ගෙවා වැට් පනතට අනුකුලව බිල්පත් නිකුත්කිරිම, සැකසීම සහ මාසික වාර්තා ඉදිපත් කරන ආකාරය පිළිබඳව ගැටලුවක් මතුවී ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, කළමණාකාර අධ්‍යක්ෂක සහ ඛනිජ තෙල් රාජ්‍ය අමාත්‍යය ඩී.වි චානක මහතාගෙන් ද මෙම අර්බුදය විසඳීමට සාකච්ඡාවක් සදහා ඉල්ලිමක් කර ඇතත් ඒ සදහා සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවත් එම සංගමය කියයි.
මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්ව සිටින සයිනොපෙක් සහ ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන හල්වලට ණය පදනම මත ඉන්ධන දෙන බවත් අමතර වට්ටම් ඇතුළු බොහෝ පහසුකම් හිමිව ඇති බවත් කියන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කො ඉන්ධන හල් හිමියන්ට අත්පිට මුදලට ඉන්ධන ලබාගෙන වැට් බද්ද ද ගෙවා අනිකුත් සියලුම කාර්යන් ඉටුකිරිමේ හැකියාවක් නොමැති බව ද සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ජාතිය බේරා ගන්නවා කියල බලයට ආපු මේ ආණ්ඩුව විදේශ සමාගම්වලට අසීමිත වරප්‍රසාද දීල, දේශීය සමාගම්වලට හුළං.
දේශීය කියල නෑ..තෙල් තෙල්ම තමා.අඩුම මිලට ගන්නව මිස දේශීය සමාගම්වල ඉන්න දූෂිතයින්ට ජොලිකරන්න අපේ අතේ තුට්ටුව මොකට දෙනවද?
මේ වැට් එකෙන් දේශිය සමාගම් සියල්ල හාන්සියි.