
(වසන්ත චන්ද්‍රපාල සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැරයේ යැයි කියන අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද නියෝග කළාය.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි.
විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ අධිකරණයට දැන්වීය.
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය මහතා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ බව ද අධිකරණයට දැන් වීය.
ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකක 3 අංශයේ නිලාධාරීන් කණ්ඩායමක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශමෙන් මයිටලා මොනවා කරයිද බලන්න. රජයේ සේවය අපකීර්තියට පත්කිරීම මොහු කරල තියෙන්නෙ. එයට අමතරව සමස්ත රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම කරල තියෙන්නෙ .කෙනෙක් ලබන පත්වීම් ලිපියේ කොන්දේසි කැඩීම මොහු කල නිසා තවදුරටත් මොහු සේවයේ තියාගන්න සුදුසු නැහැ
එයාට කලින් අත් අඩංගුවට ගත යුතු අය ඉන්නව . එයාට ප්‍රශ්න ලැබුණේ කාගෙන් ද. විභාග දෙපාර්තමේන්තුවේ අයගෙන් ද...විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන්ද...නැත්නම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන්ද...
නම, ගම, වයසත් දාන්න...
රට හැමතැනම හොරකම දූෂනය වංචාව මදිවට විභාග ප්‍රශ්ණපත්‍රත් කලින් හොරට පිටකරගෙන ප්‍රසිද්ධ කරනවා.රට යන අත භයානකයි.
මේ ගොන් මනුස්සය කරපු දෙයින් දැන් ඉතින් උසස් පෙළ සිසුන් දහස් ගණනක් ආයෙමත් විභාගයක් ලියනවා.