
(සුජිත් හේවාජුලිගේ)
සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන්මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර ඇත.
මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බව එම මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවෝ පෙන්වා දෙති.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ලබන ජනවාරි මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත. මේ අනුව ස්කාරකාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වනු ඇත.
එම ගාස්තුව මීට පෙර පැවතුණේ ලක්ෂ දහයක් වශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උට නම් සහන දේවි
කරැණාකර අඩු කරන්න එපා. අඩු කරනවනං ඊට කලින් විදුලි බිල අඩු කරන්න.
මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් 11ම රජයට අයවිය යුතු අති විශාල බදු මුදලක් ගෙවීම මේ වනවිටත් පැහැර හැරලා තියේන්නේ. නමුත් නිෂ්පාදන වල මිල නම් ඉහල දැමීමට මොවුන් පසුබට වෙන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්නත් බෑ, ඔක්කොම අය ආණ්ඩුවේ හිතවත්තු නිසා.
සංශෝධිත මත්පැන් බදු මුදල අඞු කිරිමට ප්‍රථම විදුලි ගාස්තුව අඞු කරන්න.
රත්තරන් බිත්තර දාපු කිකිළිට කරපු දේ තමයි මේ අය මත්පැන් වෙළදාමට කරන්න යන්නේ? තැලෙන යකඩේ දකින ආචාරියා පස්ස උඩදාගෙන තලනවාලු...
ඔය සමගම 11 වැසුවාට වරදක් නැහැ... එතකොට ප්‍රේමදාස ජනාධිපති වෙලා කළ ව්‍යාපෘති 15000 වගේ ගමකට එකක් බැගින් නිෂ්පාදන ආයතන වැඩිවේවි... පාලු කුඹුරු හිමියන් වගා නොකළ ඉඩම් හිමියන් ගමේ නිෂ්පාදන විකිණීමට මඩු හැදීමට කුඹුරු හා පාලු ඉඩම් බදුදේවි... රැකියා ප්‍රශ්නය තරමක් විසඳේවි... වැටලීමට එන අයටත් සතියකට කීයක් හරි ගන්නත් පුළුවන් කියලා හිතෙනවා.