
(යොහාන් භාසුර)
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති.
තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරන ‘මකර සන්ක්‍රාන්ති‘ සමඟ බැදී ඇති අතර ‘පොංගල්’ යන දමිළ වචනයේ අර්ථය ‘උතුරා යාම නොහොත් පිටාර ගැලීමය’ යන්නයි. එම අර්ථයත් සමඟ යමින් මැටි කළයක කිරි උතුරා යෑමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සුබ දසුනක් ලෙස හින්දු බැතිමත්හූ විශ්වාස කරති.
‘තෛපොංගල්’ යන වචනය ‘අස්වැන්න නෙලීමේ උත්සවය’ යන අර්ථය ද ගෙන දෙන අතර ඒ හේතුවෙන්ම මෙම උත්සවය සමස්ත ඉන්දියානුවන් සමරණ උත්සවයක් බවට පත්ව තිබේ. මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වැනිදා සිදුවන වන අතර කුම්භ සහ අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වන බවත් තෛපොංගල් උත්සවය තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වන බවටත් විශ්වාසයක් පවතී.
ඒ අනුව ‘තෛපොංගල්’ උත්සවය නෙුවෙන් ආන්දර් ප්‍රදේශය, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශය, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නෙපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් ද වේ. ‘භෝඝි’ ලෙස හදුන්වන ‘තෛපොංගල්’ උත්සවයේ පළමු දිනයේ හින්දු භක්තිකයන් පැරණි වස්ත්‍ර සහ රෙදිපිළි පු`ඵස්සා ගෙවී ගිය වසර අවසන් කර නව වසර පිළිගන්නා අතර ‘තෛපොංගල්’ දින පෙරවරුවේ උක් ගස්වලින් වට කළ මණ්ඩපයක අලුත් සහල්වලින් කිරිබත් පිස සූර්ය දෙවියන්ට පූජා කිරීම සාමාන්‍ය සිරිතයි.
‘පොංගල්’ ලෙස හදුන්වන දෙවැනි දින අලුත් මුට්ටියක බත්, හකුරු සහ නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිළි ආදියෙන් හිරු දෙවියන් පිදීම ද මෙම උත්සවයේ ප්‍රධාන අංගයකි.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘අස්වැන්න නෙලීමේ උත්සවය’ අදයි