(එච්. එස් .ඒ නන්දන , කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් )
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ හෝටලයක මල්වර මංගල්‍යයක් වෙනුවෙන් පැවති සාදයකදී ඇති වූ බහින්බස් වීමක් නිසාවෙන් දෙපිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකදී දැඩි ලෙස රෝගාතුර වූ පුද්ගලයකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යාමේදී මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රදනගමගේ උෂාන් නමැති 42 හැවිරිදි දෙදරු පියෙකි
මියගිය පුද්ගලයා පහරදීම සිදුකල පිරිස සමග මත්පැන් පානය කරමින් රංගනයක නිරතව සිටියදී දෙපිරිස අතර බහින්බස් වීම සිදු වී ඇති අතර එම උත්සව ශාලාව ඇතුලත ද පහරදීම සිදුව ඇති බවත් පසුව මියගිය පුද්ගලයා උත්සව ශාලාවෙන් පිටතට පැණ පලා යන අවස්ථාවේදී පසුපසින් එළවා පැමිණි පිරිසක් බිම පෙරලාගෙන පහර දී ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd