IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ජාජබ ජනාධිපතිවරණය දිනනවා - බිමල්

හෙරල් සේනාධීර  විසිනි.

මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂන වාර්තා ලැබී ඇතැයි, එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

එකී මහජන කැමත්තේ අගය පසුගිය නොවැමබර් මාසයවනවිට සීයට පනහක පමන තිබු බවට මහතා ඒ බව පැවසුවේ ෆින්ලන්තයේ නගර කිහිපයක සංවිධානය කරතිබු විශේෂ ජනහමු කිහිපයක් අමතමිනි. 

ජනවාරි 14 දින ෆින්ලන්තයේ අධ්‍යාපන කේන්ද්‍රීය නගරය ලෙස සැලකෙන යුවස්කුලා නගරයේ (jyväskylä) උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකය ශිෂ්‍ය සහ පුරවැසි ප්‍රජාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් සදහන්කලේ ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිලිවෙල කෙරෙහි ජාතික වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රීලාංකීය ප්‍රජාවේද බහුතරයක් විශ්වාසය තබා ඇතිබවයි. 

දේශපාලන නායක්තවය වෙනස් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව වැටී තිබෙන දුශ්කර තත්වයෙන් රට ගොඩගත නොහැකි බව සදහන්කල ඒ මහතා මහජන විස්වාසය ගිලිහීමෙන් රටේ අනෙකුත් දේශපාලන බලවේග මේවනවිට බරපතල පිරිහී තිබෙන බවද සදහන් කලේය. 
ජාතික ජන බලවේගය රට ගොඩනැගීමට අදාලව ඉදිරිපත්කර තිබෙන ප්‍රායෝගික විසදුම් යෝජනා පිලිබදව රටේ මහජනතාව විශාල උනන්දුව දක්වමින් තිබෙන බව සදහන් කල බිමල් රත්නායක මහතා එම දේශපාලන යෝජනාමාලව මහජන සංවාදය සදහා එලබෙන මාර්තු මාසයේ ජනගත කිරීමට බලාපොරොත්තුවන බව සදහන් කලේය.දේශපාලන පරිවර්ථනයකින් පසුව නව නිදහස් ව්‍යාපාරයක් බිහිකර ගතයුතු බව පෙන්වාදුන් රත්නායක මහතා එකී ඵෙතිහාසික අවස්ථාව 1948 දී ගිලිහීගිය බැවින් අද රටක් විදියට ලංකාව ඛේදවාචකට මුහුන දී ඇතිබවද කියා සිටියේය.

තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි මේවනවිට රටේ ජනතාව තබා තිබෙන විශ්වාසය කිසිම අයුරකින් පළුදු නොකරන බවට සහතික කරන බව සදහන් කල බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසූවේ ජාතික ජන බලවේගයට ජනතා විරෝධී කදවුරු නියෝජනය කරන කිසිවකු සමග කිසිම දේශපාලන ගනුදෙනුවක්,ඩීල් නොමැති බව සදහන් කලේය.

 
ඡායාරුප 
උදාන වෙත්තසිංහ



අදහස් (43)

ජාජබ ජනාධිපතිවරණය දිනනවා - බිමල්

Rawana Monday, 15 January 2024 04:06 PM

ඔබලට දිනන්න අපි ඡන්දෙ දෙන්න එපැයි, අපේ හත්මුතු පරම්පරාවක කවුරුවත් ට්‍රාන්ස්ෆෝමර බස් ගිනි තියපු ජෙප්පන් ට ඡන්දෙ දෙන්නේ නෑ

:       116       67

අජන්තMonday, 15 January 2024 04:39 PM

අපි නොමරා මරණ උන්ටයි අපි ඡන්දෙ දෙන්නේ නේද. අනේ මෝඩ මූසාලයා. උබ රාවණා කියන නමත් කනවා

:       2       3

Prabha Monday, 15 January 2024 04:51 PM

ඒ කියන්නේ ඡන්දෙ දෙන්නේ මහ බැංකුව කඩපු අයටද? 

:       1       2

fairoosMonday, 15 January 2024 05:01 PM

රට බංකොළොත් කරපු රනිල් රාජපක්ෂලාට ඡන්දය දෙනවාද?

:       1       2

ShanthiMonday, 15 January 2024 05:06 PM

එදා ජේ.වී.පී. එක පිට වරද පටවන්න... ට්‍රාන්ස්ෆෝමර්, බස් ගිනිතිබ්බේ, හමුදා සාමාජිකයින්ගේ පවුල් ඝාතනය කළේ, කවුද කියලා...

:       0       3

Bamunuarachchi Monday, 15 January 2024 05:12 PM

නියම කතාව රාවණා... හැබැයි යූටියුබ් එකේ ඔබ ඔය ටික ලිව්වා නම් හොඳ කුණුහරප ටිකක් අහගන්න තිබුණා. ජෙප්පෝ කියන්නේ එහෙම ජරා ජාතියක්...!

:       4       3

රජිතMonday, 15 January 2024 06:31 PM

ඔව් ඔව් . අපිට පුරුදු එකම හොරු ටිකට හැමදාම මිඉහරක් වගේ චන්දෙ දෙන එකනේ

:       0       3

අනිල් Monday, 15 January 2024 06:45 PM

ඔයාගෙ හත්මුතු පරම්පරාවෙ ඉන්නේ හොරා කන උන්ට කතිරේ ගහන හරක් වෙන්න ඇති. නැත්තo මේ රටට මෙහෙම වෙයිද

:       1       3

Rwn Monday, 15 January 2024 07:23 PM

පොලීසියෙ හමුදාවේ ...දෙනෝදාහක් බලාගෙන ඉදිද්දී ...බස් එකක් ගිනිතියලා ගියා ....තාම බැරි උනා ඌව අල්ලගෙන දඩුවමක් දෙන්න ....ඒ උනාට තාම කතාව ජෙප්පො ගිනිතියපුවා ගැන ....

:       1       3

hesaWednesday, 17 January 2024 04:40 PM

ඒ විනාශයට ලැබුණු සාපය තමයි තවම එක තැනම පල් වෙවී විඳවන්නේ "ස්වභාවයෙන් ලැබුණ - ලැබෙන දඞුවම්" දොඩවන්නේ මෙවර අපි දිනනවා කියකියා හැම වාරෙම කියවන්නේ වසර 50ක් තිස්සේ බැරි එක දැන් ඉතින් බෑම තමයි...!

:       4       1

සුපුන් චාමරMonday, 15 January 2024 10:29 PM

රාවණා, මහබැංකුව කොල්ලකාපු . රට බංකොලොත් කරපු උන් තමා විරයෝ නේ

:       18       46

Dasa PTuesday, 16 January 2024 02:42 AM

රාවණාට ළඟදීම දඬු මොනරයක් හොයා ගන්න වෙයි

:       1       4

sanaTuesday, 16 January 2024 03:04 AM

එහෙනම් නාකි මයිනාගේ කට්ටියට හරි ,නිදන් හොරුන්ට හරි දීලා ආයේ පාරක් සැප ගනිල්ලා .ගව සම්පත

:       1       3

Ajith NissankaTuesday, 16 January 2024 09:33 AM

එහෙනම් අවුරුදු 75 තිස්සේ හොරකම් කරලා රට බංකොලොත් කරපු එවුන්ටම දීල විරවාගෙන ඉන්නකෝ

:       2       11

KaviduTuesday, 16 January 2024 01:05 PM

මහබැංකුව කොල්ලකාපු . රට බංකොලොත් කරපු උන් තමා වීරයෝ ????

:       2       11

කමල් Wednesday, 17 January 2024 11:58 AM

Rawana - මෙච්චර ඇස් දෙකට පෙනි පෙනී කෙල වෙලත් මේ බත් කන හරක් මේ වගේ කතා කිය කිය පරණ දේශපාලන ව්‍යාපාරයම කරනවා කියන්නේ මුන් මිනිස්සු නම් වෙන්නම බැහැ

:       2       3

Kumara Monday, 15 January 2024 04:23 PM

අනිවාර්‍යයෙන්. ජාතික ජන බලවේගයට ජය නියතයි.

:       2       5

Vajira Monday, 15 January 2024 04:25 PM

මේ විනාශයෙන් රට ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ ඔබට පමණයි

:       1       4

Sanath Monday, 15 January 2024 04:26 PM

අනුර දිසානායක නියත වශයෙන්ම මීලග ජනාධිපතිවරණය දිනනවා.

:       1       5

Nissanka Monday, 15 January 2024 04:27 PM

ජාතික ජන බලවේගයට ජයවේවා

:       1       5

CHANDANA Monday, 15 January 2024 04:29 PM

රට විනාශ කරපු හොරුන්ට අපි ආයේ රැවටෙන්නේ නෑ. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය දිනනවා.

:       1       6

Kazi Shajahan Monday, 15 January 2024 04:49 PM

මෙදා ඡන්දයෙන් අනුරට 60%, සජිත් 30%... අනිකුත් 9%... ප්‍රතික්ෂේප 1%... කැට තියලා කියන්නේ...!

:       1       3

aminda Monday, 15 January 2024 04:54 PM

ජාතික ජන බලවේගයට ජය වේවා !!!

:       1       4

Chithral Monday, 15 January 2024 04:55 PM

ඩුබායිවල අපි ඔක්කොම චන්දෙට එනවා, ජාතික ජනබලවේගයට ජයවේවා .

:       1       5

hesaWednesday, 17 January 2024 04:28 PM

කී දෙනෙක් විතරද 100ක් 200ක් වගේ...!

:       1       1

chathuri Monday, 15 January 2024 04:55 PM

මාලිමාවට ජයවේවා .

:       1       5

Balasooriya Monday, 15 January 2024 04:58 PM

අනුර කුමාර දිසානායක සහෝදරයා මීළඟ ජනාධිපති ! මාලිමාවට ජයවේවා !!

:       1       5

Ramani Monday, 15 January 2024 05:00 PM

රටේ අතිවිශාල බහුතරයක් ජාතික ජනබලවේගය සමගයි, ජයවේවා .

:       1       5

සෙනෙවිරත්න Monday, 15 January 2024 08:02 PM

රාවන නමෙන්ම පේනව පරන දේවල් හොයන වර්තමානය ගැන දන්නෙ නැති පිස්සෙක් බව, තමුසෙල වගේ ඇඳිවතටත් ඇ⁣රගෙන තවත් මදිය කියල හිතන මන්දබුද්ධිකයන් කීප දෙනෙක් හැර සියලුම දෙනා යථාර්ථය තේරුම් ගනිමින් සිටී.

:       1       5

ranjith Monday, 15 January 2024 08:48 PM

ඔබගේ චන්දය ගැන පමණයි ඔබට විශ්වාස කරන්න පුළුවන් .දිනන්න රටේ බහුතරයක් චන්දෙ එපැයි .දිනන නොදිනන එක නෙමෙයි ඔයාලගේ වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කරන්න

:       0       1

Sri Wickrema Monday, 15 January 2024 09:19 PM

ඔව්. කවදාවත් ට්‍රාන්ස්ෆෝමර්වලට, බස්වලට ගිනි තියන්නේ නැති දූෂිත දේශපාලනඥයන්ට අපි ඡන්දය දෙනවා.

:       0       2

සුනිල් Monday, 15 January 2024 09:35 PM

සහෝදරයා මොකද ප්‍රතිඵල තක්සේරුව බැහැගෙන යනව වගේ. ඉස්සරල කිය කිය හිටියෙ සියයට අසූවෙන් ඉහල ගනන් නේද. බහින කලාවද. නැතිනම් තමන්ගෙ ගෝලයො දැන් තමන් කියන බොරු පප්‍රතිඵල දෙන් නැද්ද.

:       5       0

Lelwala Monday, 15 January 2024 11:29 PM

බස්නාහිරෙන් ඉර පායයි ජනාධිපතිවරණය JVP ‌දිනුවොත්. විකාර කියවනව.

:       5       2

Moda Putha Tuesday, 16 January 2024 12:45 AM

ජවිපෙ ඉහළම දේශපාලනඥයන් විශ්වවිද්‍යාලවල සිටියදී ඉගෙන ගත්තේ නැත. ඔබ සිටියේ දේශනවල නොව පාරේ ! මෝඩයෝ කිසිම තියරියක් දන්නේ නැහැ !! පොඩි කඩයක් වත් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් ගෙනියන්න බැහැ

:       6       1

Chathuri Tuesday, 16 January 2024 04:46 AM

මුහුද හත් ගව්වක් දුර තියන්. මෙයා අමුඩ ගහනවා. හිත සනසා ගන්න ඔය විදියට කියන්න රටට සේවයක් කරලා. හොරා කෑවේ නැතිනම් බය වෙන්න. දෙයක් නැහැ. 250. ගෙදර ගිහින් හතර පස් දෙනෙක් ඉන්න පක්ශයක්. එනවා. ඔබ සැමට. හිර ගෙදර දොර. ඇර තිබේව්

:       3       1

Perera Tuesday, 16 January 2024 04:52 AM

දිනන්න ජනපතිවරණය තියන්න ඕනේ නේ . පොහොට්ටුවේ හොරුන්ට චන්දය හොඳින් හරි නරකින් හරි දිනාගන්න බැරිනම් කිසිම චන්දයක් තියන්නේ නැහැ

:       1       0

CASMIR Tuesday, 16 January 2024 12:15 PM

ඔව්, ඔබට ජයග්‍රහණය කළ හැකි නමුත් වර්තමාන දේශපාලන ක් රමය ගැන බලාපොරොත්තු සුන් කරන සාමාන්‍ය ජනතාවගෙන් හුදෙක් වෝට්ස් ලබා ගැනීමට නොසිතන්න. 1/. ආර්ථික ප්රතිසංස්කරණ වල ධනාත්මක වීමට වග බලා ගන්න, ගෝලීයකරණය යන්නෙන් අදහස් කරන්නේ අලස හා උදාසීන රාජ්‍ය අංශය පුළුල් කිරීම වෙනුවට පෞද්ගලීකරණයයි. 2/. ඔබට කළ යුතු දේ වෙනුවට ඔබට කළ හැකි දේ නිරාවරණය කරන්න. 3/. නිෂ්පාදන හා සේවා ක්ෂේත් රය විනාශ කරන ජරා සමිතිවලින් ඈත් වෙන්න. 4/. මිනිස් බල නියෝජිත ආයතන පිළිබඳ ඔබේ ප්‍රමිතීන් ඉස්මතු කරන්න

:       1       5

චින්තක Tuesday, 16 January 2024 01:14 PM

කොල්ලො අපි 1971 කාලයේ ජෙප්පො නිසා පාසල් දරුවො හැටියට උපරිමයෙන් දුක් වින්දා. බඩට බත් ඇටයක් නැතුව කොල වර්ග අමුවෙනුත් කෑවා ,තම්බලා කෑවා ,රෑට නින්ද නැහැ .බයේ හැංගිලා තමයි හිටියෙ. ඉන් පස්සෙ 88/89 කාලයේ යන්තමින් පන බේරා ගත්තා. ඒත් අපේ පවුල්වල බොහෝ දෙනෙක් ජෙප්පො අරගෙන ගිහිල්ලා මරා දැම්මා. රටේ සම්පත් විශාල වශයෙන් විනාශ කලා. දැන් උඹ කියන්නෙ මහබැංකුව කැඩුවා කියලනේ .යකෝ එම හානිය වෙනුවෙන් තබා තිබුන ඇපය රාජසංතක කර පාඩුව පියවාගන්න කටයුතු කලා .යමක් කියනකොට කියන්නන් වාලේ නොකියා ඇත්ත හරියට දැනගෙන අදහස් ඉදිරිපත් කරන්න බලපං. ඒ නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න පුරුදු වෙන්න කියලා කියන්න කැමතියි .එනිසා හැම වෙලාවෙම නුඹලා අදහන එවුන් කියනදේම හරි නොකියා තමනුත් ඇත්ත නැත්ත හරියට අවබෝධ කරන්න ඉගෙන ගනිල්ලා

:       13       5

කමල් Tuesday, 16 January 2024 03:04 PM

<<චින්තක >>ඈ බෝල ගෝතයෝ .දැන් හොඳට කාලා බීලා සැපේ ඉන්නවද .ඇස් දෙකට හොර කම ,දූෂණය පෙනී පෙනී මහ ජනතාවම හිඟන්නෝ කරපු රනිල් රාජපක්ෂලාටම ආපහු චන්දෙ දෙන්න කියලද කියන්නේ.තොපි වගේ එවුන් එක්කෝ රට යන්න ඕනේ,නැත්නම් මැරිලා යන්න ඕනේ .නැත්නම් මේ රට කවදාවත් ගොඩ එන්නේ නෑ

:       3       13

චින්තක Wednesday, 17 January 2024 07:01 AM

කමල් හා ඩිස්ලයික් කාරයින්ට කියන්නෙ අපි දැනුත් හරියට කෑමක් නැතුව ඉන්නවා තම.යි ඒත් මෙහෙම වත් නැතුව අපි පොඩි දරුවො හැටියට ඉතාමත් දුකක් වින්දා .ඒවා අපි කියන්නෙ අත්දැකීම් ඇතුව පමණයි .කමල් කොල්ලො, කෙනෙකුට ඇස් දෙකක් තියෙන්නෙ හොදින්ම බලන්න ඕන නිසා. එක ඇහැකින් බැලුවම කඩතුරාවකින් වැහෙනවා .ඒනිසා පක්ෂයේ නායකයො කියන්නන් වාලේ පිළිගන්නේ නැතුව අබමල් රේණුවක තරම් මොළයක් ( ඇති කියලා හිතෙනවා ) ඇත්නම් චුට්ටක් හිතා බලන්නත් පුරුදු වෙනවා.

:       4       3

කමල් Wednesday, 17 January 2024 10:46 AM

පරණ හෑල්ලම ආයේ ආයේ කියව කියව මැරිලා යන එකද හරි එතකොට .මේ පාරත් රනිල් රාජපක්ෂ පරම්පරාවට දීලා උඩ බලාගෙන ඉන්න කියලද කියන්නේ එතකොට ? ඒකද හරි ?

:       2       2

කමල් Wednesday, 17 January 2024 10:47 AM

කැරට් එහෙම ලඟදි කෑවද ?

:       2       2

hesa Wednesday, 17 January 2024 04:57 PM

ඇත්තටම.. එදා මේ කාලයේ වගේ කන්න තිබුනේත් නෑ තමයි... තියෙන ටික හරි කන්න දුන්නාද තමුන්ලා... උයපු බත් හැලියත් හොරාගෙන ගියේ කවුද? එදවස විඳපු දුක් මතක තියෙන, ඒ ඉතිහාසය දන්න කෙනෙක් ජීවිතේට ඡන්දය දෙන්නේ නෑ... ඒත් දැන් කන්න නෑ... කන්න නෑ... කියන්නේම 3 න් වේලම බඩ පැලෙන්නම කන අයමයි.

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 515 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 726 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 1149 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 1388 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1829 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1425 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 429 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1654 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site