
හෙරල් සේනාධීර විසිනි.
මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂන වාර්තා ලැබී ඇතැයි, එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
එකී මහජන කැමත්තේ අගය පසුගිය නොවැමබර් මාසයවනවිට සීයට පනහක පමන තිබු බවට මහතා ඒ බව පැවසුවේ ෆින්ලන්තයේ නගර කිහිපයක සංවිධානය කරතිබු විශේෂ ජනහමු කිහිපයක් අමතමිනි.
ජනවාරි 14 දින ෆින්ලන්තයේ අධ්‍යාපන කේන්ද්‍රීය නගරය ලෙස සැලකෙන යුවස්කුලා නගරයේ (jyväskylä) උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකය ශිෂ්‍ය සහ පුරවැසි ප්‍රජාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් සදහන්කලේ ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිලිවෙල කෙරෙහි ජාතික වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රීලාංකීය ප්‍රජාවේද බහුතරයක් විශ්වාසය තබා ඇතිබවයි.
දේශපාලන නායක්තවය වෙනස් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව වැටී තිබෙන දුශ්කර තත්වයෙන් රට ගොඩගත නොහැකි බව සදහන්කල ඒ මහතා මහජන විස්වාසය ගිලිහීමෙන් රටේ අනෙකුත් දේශපාලන බලවේග මේවනවිට බරපතල පිරිහී තිබෙන බවද සදහන් කලේය.
ජාතික ජන බලවේගය රට ගොඩනැගීමට අදාලව ඉදිරිපත්කර තිබෙන ප්‍රායෝගික විසදුම් යෝජනා පිලිබදව රටේ මහජනතාව විශාල උනන්දුව දක්වමින් තිබෙන බව සදහන් කල බිමල් රත්නායක මහතා එම දේශපාලන යෝජනාමාලව මහජන සංවාදය සදහා එලබෙන මාර්තු මාසයේ ජනගත කිරීමට බලාපොරොත්තුවන බව සදහන් කලේය.දේශපාලන පරිවර්ථනයකින් පසුව නව නිදහස් ව්‍යාපාරයක් බිහිකර ගතයුතු බව පෙන්වාදුන් රත්නායක මහතා එකී ඵෙතිහාසික අවස්ථාව 1948 දී ගිලිහීගිය බැවින් අද රටක් විදියට ලංකාව ඛේදවාචකට මුහුන දී ඇතිබවද කියා සිටියේය.
තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි මේවනවිට රටේ ජනතාව තබා තිබෙන විශ්වාසය කිසිම අයුරකින් පළුදු නොකරන බවට සහතික කරන බව සදහන් කල බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසූවේ ජාතික ජන බලවේගයට ජනතා විරෝධී කදවුරු නියෝජනය කරන කිසිවකු සමග කිසිම දේශපාලන ගනුදෙනුවක්,ඩීල් නොමැති බව සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලට දිනන්න අපි ඡන්දෙ දෙන්න එපැයි, අපේ හත්මුතු පරම්පරාවක කවුරුවත් ට්‍රාන්ස්ෆෝමර බස් ගිනි තියපු ජෙප්පන් ට ඡන්දෙ දෙන්නේ නෑ
අනිවාර්‍යයෙන්. ජාතික ජන බලවේගයට ජය නියතයි.
මේ විනාශයෙන් රට ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ ඔබට පමණයි
අනුර දිසානායක නියත වශයෙන්ම මීලග ජනාධිපතිවරණය දිනනවා.
ජාතික ජන බලවේගයට ජයවේවා
රට විනාශ කරපු හොරුන්ට අපි ආයේ රැවටෙන්නේ නෑ. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය දිනනවා.
මෙදා ඡන්දයෙන් අනුරට 60%, සජිත් 30%... අනිකුත් 9%... ප්‍රතික්ෂේප 1%... කැට තියලා කියන්නේ...!
ජාතික ජන බලවේගයට ජය වේවා !!!
ඩුබායිවල අපි ඔක්කොම චන්දෙට එනවා, ජාතික ජනබලවේගයට ජයවේවා .
මාලිමාවට ජයවේවා .
අනුර කුමාර දිසානායක සහෝදරයා මීළඟ ජනාධිපති ! මාලිමාවට ජයවේවා !!
රටේ අතිවිශාල බහුතරයක් ජාතික ජනබලවේගය සමගයි, ජයවේවා .
රාවන නමෙන්ම පේනව පරන දේවල් හොයන වර්තමානය ගැන දන්නෙ නැති පිස්සෙක් බව, තමුසෙල වගේ ඇඳිවතටත් ඇරගෙන තවත් මදිය කියල හිතන මන්දබුද්ධිකයන් කීප දෙනෙක් හැර සියලුම දෙනා යථාර්ථය තේරුම් ගනිමින් සිටී.
ඔබගේ චන්දය ගැන පමණයි ඔබට විශ්වාස කරන්න පුළුවන් .දිනන්න රටේ බහුතරයක් චන්දෙ එපැයි .දිනන නොදිනන එක නෙමෙයි ඔයාලගේ වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කරන්න
ඔව්. කවදාවත් ට්‍රාන්ස්ෆෝමර්වලට, බස්වලට ගිනි තියන්නේ නැති දූෂිත දේශපාලනඥයන්ට අපි ඡන්දය දෙනවා.
සහෝදරයා මොකද ප්‍රතිඵල තක්සේරුව බැහැගෙන යනව වගේ. ඉස්සරල කිය කිය හිටියෙ සියයට අසූවෙන් ඉහල ගනන් නේද. බහින කලාවද. නැතිනම් තමන්ගෙ ගෝලයො දැන් තමන් කියන බොරු පප්‍රතිඵල දෙන් නැද්ද.
බස්නාහිරෙන් ඉර පායයි ජනාධිපතිවරණය JVP දිනුවොත්. විකාර කියවනව.
ජවිපෙ ඉහළම දේශපාලනඥයන් විශ්වවිද්‍යාලවල සිටියදී ඉගෙන ගත්තේ නැත. ඔබ සිටියේ දේශනවල නොව පාරේ ! මෝඩයෝ කිසිම තියරියක් දන්නේ නැහැ !! පොඩි කඩයක් වත් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් ගෙනියන්න බැහැ
මුහුද හත් ගව්වක් දුර තියන්. මෙයා අමුඩ ගහනවා. හිත සනසා ගන්න ඔය විදියට කියන්න රටට සේවයක් කරලා. හොරා කෑවේ නැතිනම් බය වෙන්න. දෙයක් නැහැ. 250. ගෙදර ගිහින් හතර පස් දෙනෙක් ඉන්න පක්ශයක්. එනවා. ඔබ සැමට. හිර ගෙදර දොර. ඇර තිබේව්
දිනන්න ජනපතිවරණය තියන්න ඕනේ නේ . පොහොට්ටුවේ හොරුන්ට චන්දය හොඳින් හරි නරකින් හරි දිනාගන්න බැරිනම් කිසිම චන්දයක් තියන්නේ නැහැ
ඔව්, ඔබට ජයග්‍රහණය කළ හැකි නමුත් වර්තමාන දේශපාලන ක් රමය ගැන බලාපොරොත්තු සුන් කරන සාමාන්‍ය ජනතාවගෙන් හුදෙක් වෝට්ස් ලබා ගැනීමට නොසිතන්න. 1/. ආර්ථික ප්රතිසංස්කරණ වල ධනාත්මක වීමට වග බලා ගන්න, ගෝලීයකරණය යන්නෙන් අදහස් කරන්නේ අලස හා උදාසීන රාජ්‍ය අංශය පුළුල් කිරීම වෙනුවට පෞද්ගලීකරණයයි. 2/. ඔබට කළ යුතු දේ වෙනුවට ඔබට කළ හැකි දේ නිරාවරණය කරන්න. 3/. නිෂ්පාදන හා සේවා ක්ෂේත් රය විනාශ කරන ජරා සමිතිවලින් ඈත් වෙන්න. 4/. මිනිස් බල නියෝජිත ආයතන පිළිබඳ ඔබේ ප්‍රමිතීන් ඉස්මතු කරන්න
කොල්ලො අපි 1971 කාලයේ ජෙප්පො නිසා පාසල් දරුවො හැටියට උපරිමයෙන් දුක් වින්දා. බඩට බත් ඇටයක් නැතුව කොල වර්ග අමුවෙනුත් කෑවා ,තම්බලා කෑවා ,රෑට නින්ද නැහැ .බයේ හැංගිලා තමයි හිටියෙ. ඉන් පස්සෙ 88/89 කාලයේ යන්තමින් පන බේරා ගත්තා. ඒත් අපේ පවුල්වල බොහෝ දෙනෙක් ජෙප්පො අරගෙන ගිහිල්ලා මරා දැම්මා. රටේ සම්පත් විශාල වශයෙන් විනාශ කලා. දැන් උඹ කියන්නෙ මහබැංකුව කැඩුවා කියලනේ .යකෝ එම හානිය වෙනුවෙන් තබා තිබුන ඇපය රාජසංතක කර පාඩුව පියවාගන්න කටයුතු කලා .යමක් කියනකොට කියන්නන් වාලේ නොකියා ඇත්ත හරියට දැනගෙන අදහස් ඉදිරිපත් කරන්න බලපං. ඒ නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න පුරුදු වෙන්න කියලා කියන්න කැමතියි .එනිසා හැම වෙලාවෙම නුඹලා අදහන එවුන් කියනදේම හරි නොකියා තමනුත් ඇත්ත නැත්ත හරියට අවබෝධ කරන්න ඉගෙන ගනිල්ලා
<<චින්තක >>ඈ බෝල ගෝතයෝ .දැන් හොඳට කාලා බීලා සැපේ ඉන්නවද .ඇස් දෙකට හොර කම ,දූෂණය පෙනී පෙනී මහ ජනතාවම හිඟන්නෝ කරපු රනිල් රාජපක්ෂලාටම ආපහු චන්දෙ දෙන්න කියලද කියන්නේ.තොපි වගේ එවුන් එක්කෝ රට යන්න ඕනේ,නැත්නම් මැරිලා යන්න ඕනේ .නැත්නම් මේ රට කවදාවත් ගොඩ එන්නේ නෑ
කමල් හා ඩිස්ලයික් කාරයින්ට කියන්නෙ අපි දැනුත් හරියට කෑමක් නැතුව ඉන්නවා තම.යි ඒත් මෙහෙම වත් නැතුව අපි පොඩි දරුවො හැටියට ඉතාමත් දුකක් වින්දා .ඒවා අපි කියන්නෙ අත්දැකීම් ඇතුව පමණයි .කමල් කොල්ලො, කෙනෙකුට ඇස් දෙකක් තියෙන්නෙ හොදින්ම බලන්න ඕන නිසා. එක ඇහැකින් බැලුවම කඩතුරාවකින් වැහෙනවා .ඒනිසා පක්ෂයේ නායකයො කියන්නන් වාලේ පිළිගන්නේ නැතුව අබමල් රේණුවක තරම් මොළයක් ( ඇති කියලා හිතෙනවා ) ඇත්නම් චුට්ටක් හිතා බලන්නත් පුරුදු වෙනවා.
පරණ හෑල්ලම ආයේ ආයේ කියව කියව මැරිලා යන එකද හරි එතකොට .මේ පාරත් රනිල් රාජපක්ෂ පරම්පරාවට දීලා උඩ බලාගෙන ඉන්න කියලද කියන්නේ එතකොට ? ඒකද හරි ?
කැරට් එහෙම ලඟදි කෑවද ?
ඇත්තටම.. එදා මේ කාලයේ වගේ කන්න තිබුනේත් නෑ තමයි... තියෙන ටික හරි කන්න දුන්නාද තමුන්ලා... උයපු බත් හැලියත් හොරාගෙන ගියේ කවුද? එදවස විඳපු දුක් මතක තියෙන, ඒ ඉතිහාසය දන්න කෙනෙක් ජීවිතේට ඡන්දය දෙන්නේ නෑ... ඒත් දැන් කන්න නෑ... කන්න නෑ... කියන්නේම 3 න් වේලම බඩ පැලෙන්නම කන අයමයි.