තවත් ක්‍රිකට් හොරකමක් සජිත් හෙළිකරයි ක්‍රිකට් ක්‍රීඩාංගන තුනකට එල්ඊඩී තිර තුනක් ගෙන්වීමේදී ලොකු තීරුබදු වංචාවක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් 01 December 2023
සිතුල්පව්ව විහාරාධිපති හිමියෝ අපවත් වෙති සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නා හිමියෝ (92) අද දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ. 01 December 2023
නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට මන්නාරම සිලාවතුර කොණ්ඩංචිකුඩා මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12 දෙනෙකු සහ යාත්‍රා 04 ක් සමගින් මුහුදු කූඩැල්ලන් 1670ක් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 01 December 2023
විද්‍යුත් නාලිකා මාධ්‍යවේදියකුට තියුණු ආයුදයකින් ඇනලා දිවයිනේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක කැමරා මාධ්‍යාවේදියකු තියුණු ආයුධයකින් ඇනීමෙන් සිදු වූ තුවාල සහිතව රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 01 December 2023
කොල්ලකරුවන් දෙදෙනෙක් කළුතර දී මාට්ටු පානදුර නගරයේ දී සිම්පත් අලෙවි නියෝජිතයෙගේ පාදයකට මන්නයකින් පහර දී රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමකින් යුත් සිම්පත්, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩා වැදී පුද්ගලයකුට මන්නා පහරවල් පහක් එල්ලකර රුපියල් ලක්ෂ එකහමාරක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර පලාගොස් සිටී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 01 December 2023
ලොකුගේ සජිත්ගේ සුදුසුකම් පිරික්සන්න යයි මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා තමා යැයි ප්‍රකාශ කරන හෙයින් සියලු අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේදී අද (1) අභියෝගයක් කළේය. 01 December 2023
දේවගැති ජෙරම් අත් අඩංගුවට බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. 01 December 2023
ඩීසල් අඩු කළාට බස් ගාස්තු වෙනසක් නෑ ඩීසල් මිල පහළ දැමුනද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. 01 December 2023
සාපෙළ ජයගත්තෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව පළමු ස්ථානයට පත්ව සිටින්නේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 01 December 2023
හමාස් රොකට් ප්‍රහාරයක්: සටන් විරාමය අවසන් හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පැවැති තාවකාලික සටන් විරාමය අවසන් විය. ඒ, සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කරමින්, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. 01 December 2023
බෙංගලූර් පාසල් බෝම්බ බියකින් කැලඹෙයි ඉන්දියාවේ බෙංගලූර් නුවර, පාසල් 13 ක් බෝම්බ බියකින් කැලැඹිණි. පාසල් තුළ බෝම්බ ඇතැය, පාසල් විදුහල්පතිවරුන්ට අනතුරු ඇඟවීම් ලැබී තිබුණේ උදෑසන පාසල් ආරම්භ වීමෙන් පසු ඊමේල් පණිවුඩ මගිනි. 01 December 2023
කොස්තාපල්ට බෝතලයකින් පහරදුන් දෙකක් අල්ලයි යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු එම යතුරු පැදිය අතහැර දමා පලා යද්දී එම තිදෙනා අල්ලා ගැනීමට ලුහුබැඳ ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියකින් කොටා බෝතලයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම තිදෙනාගෙන් දෙදෙනකු ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 01 December 2023
රිය අනතුරින් අයෙක් මරුට: හතරක් රෝහලට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලිසිය අසලදි කුඩා ලොරි රථයක් අනතුරට ලක්ව එක් අයකු මිය ගොස් 4 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රොහලට ඇතුලත් කල බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 01 December 2023
රැඳවියන්ගේ ගුටි කෑ රැඳවියා මරුට මඩකලපුව බන්ධනාගාරයේ සිර මැදිරියේ රඳවා සිටි රැඳවියෙකු එහි රඳවා සිටි සෙසු රැදවියන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇති බව මඩකලපුව පොලිසිය පවසයි 01 December 2023
උඩරට දුම්රිය ධාවනයට අදත් බාධා උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හා හපුතලේ දූම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගය නායයාමකට අද (01) අලුයම ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 01 December 2023
බෙංගාල බොක්කේ අඩු පීඩනය තවදුරටත් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනෙ වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරෝතුව වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 01 December 2023
සිනෝපෙක් - අයි.ඕ.සී. ‘සිපෙට්කෝ’ මිලට සම කරයි මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගම් දෙක වන සිනෝපෙක් සහ අයි.ඕ.සී. යන සමාගම් දෙක ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන අළෙවි කරන බව නිවේදනය කළේය. 01 December 2023
2022 සා.පෙළ ප්‍රතිපල නිකුත්වේ 2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. 01 December 2023
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වේ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 30 November 2023
දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ කඳාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 75,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 30 November 2023
දෙනියාය මූලික රෝහල දෙලොවක් අතර දෙනියාය මූලික රෝහල අලුතින් හදන බවට ගත් තීරණයක් නිසා සාමාන්‍ය සංවර්ධන කටයුතු පවා නතර වී ඇතැයි පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 30 November 2023
‘මිත්‍ර ශක්ති’ 9 වැනි අදියර ඉන්දීය - ශ්‍රී ලංකා වාර්ෂික ද්විපාර්ශ්වික ‘මිත්‍ර ශක්ති’ වාර්ෂික ආරක්ෂක අභ්‍යාසයේ 9 වැනි අදියර ඉන්දියාවේ පූනේහි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී මේ මස 16 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්විණි. 30 November 2023
වැලිපැන්නේ අතුරුදන් තරුණියගේ සිරුර හමු වේ පසුගිය 27 දින රාත්‍රී නිවසින් අතුරුදන් වූවා යැයි පැවසෙන වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි මොහොමඩ් අමීන් පාතිමා අස්මියා නම් 24 තරුණියගේ මළ සිරුර අද සවස 4.00 ට පමණ ප්‍රදේශවාසීන් සොයාගෙන ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි. 30 November 2023
අබලන් පාරවල් වල වැඩ ලබන සතියේ අරඹයි දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 30 November 2023
යතුරු පැදිය ගසේ හැපී සිසුවා මරුට නිවෙසට අවශ්‍ය බිත්තර රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් පාසල් සිසුවකු කලගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි වේයන්ගෙඩ පොලිසිය කියයි. 30 November 2023
ගිනි අවි ජාවාරමක් කළ අයෙක් මාට්ටු අපරාධකරුවන්ගෙන් ගිනි අවි අඩු මුදලට ලබාගෙන වෙනත් අපරාධකරුවන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 30 November 2023
දේශබන්දුගේ නම ව්‍යවස්ථා සභාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට එවනු ලැබ ඇත. 30 November 2023
වෙළදසැලේ නිදා සිටි යුවළ කපා කොටා මරාදාලා වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ වයෝවෘද්ද වූ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී අද (30) දින සිරුරු හමු වූ බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි. 30 November 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් විදෙස් නිලධාරීහු දෙදෙනෙක් ඉවත්වෙති ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශික නිලධාරීන් දෙදෙනෙක් ඉවත්ව ගොස් තිබේ. 30 November 2023
සූරිය පැනල විදුලිය ඒකක මිලියන 483 ක් වහළය (පියැසි) මත සූරිය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2023) පළමු කාර්තු තුනේ පමණක් එනම් සැප්තැම්බර් 30 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට විදුලි ඒකක මිලියන 483 ක් එක්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය. 30 November 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026