IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිවුරක් ඇඳගෙන කොටුව දුම්රියපොළේ යකා නටලා

(ගයාන් සූරියආරච්චි)

කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබදව විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු  අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.

මෙහිදී තුවාල ලැබූ එක් නිලධාරියකු රෝහල්ගත කළ බවද පොලිසිය කියයි.

දුම්රියපොළ පොලිස් මුරපොළේ නිලධාරීන් දෙදනකු සහ නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනකුද දුම්රිය පොළ භික්ෂු විවේකාගාරයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම චීවරය දරාගත් පුද්ගලයාගෙන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා හැදුම්පත ඉල්ලා තිබේ.

එම අවස්ථාවේදී සැකකරු විසින් ඉතා අශෝභන ලෙස හැසිරී පරුෂ වචනයෙන් බැන හැද සිටි චීවරය ගලවා දමා දිවයෑමට තැත් තිරීමේදී පොලිස් නිලධාරීන් ඔහු අල්ලාගැනීමට උත්සාහ කිරීමේදී වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගසා පොලිස් නිලඇදුමේ කොළරයෙන් ඇද අතින් පයින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

එහිදී පොලිස් නිලධාරීන් සැකකරු පාලනය කිරීම සදහා කටයුතු කිරීමේදී එක් නිලධාරියකුගේ අතෙහි මැණික් කටුවට ඉහළින් ලේ ගලනතුරු සපා කා ඇති බව පොලිසිය කියයි.

පසුව රථවාහන රාජකාරියේ සිටි නිලධාරියකු ද තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණ අවස්ථාවේදී එම නිලධාරියාට ද අසල තිබූ වීදුරු බෝතලයකින් කකුලට පහරදී අත සපා කා ඇති බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (7)

සිවුරක් ඇඳගෙන කොටුව දුම්රියපොළේ යකා නටලා

බද්රානි Tuesday, 16 January 2024 05:04 PM

මොකක්දෝ කරුමෙකට, මේ ලංකාව ඇතුලේ සර්පයෝ රිංගාගෙන ඉන්න හුඹහක් බවට සිවුර පත්වෙලා... මේ අවාසනාවන්ත තත්වය පාලනය කරන්න හරිහමන් යාන්ත්‍රණයක් හෝ නීතියක් නොමැතිවීම ඛේදවාචකයක්... මේ සර්පයින්ව ආරක්ෂා කරන්න අහිකුණ්ඨකයින් රැළකුත් ඉන්නවා.. ඒ අහිකුණ්ඨකයින් නලාව පිඹින කොට සර්පයින් නටනවා... අපි කුල්මත් වෙලා ඔහේ බලාගෙන ඉන්නවා...

:       78       69

පියනන්දTuesday, 16 January 2024 05:45 PM

බද්රානි හරියටම හරි. මේ වගේ කෙනෙක් හෝ එකියක් අල්ලා ගන්න අත්අඩංගුවට ගන්න අපහසු වෙලාවට තරාතිරම, නිල ඇඳුම, ආගම, කුලය, නිලය, එව්වා මෙව්වා නොසලකා උපරිම බලය පාවිච්චි කිරීමට පොලිසියට අවසරය දිය යුතුමයි. හොඳ බැටන් පොලු පාරදෙකක් කොන්දට පත බෑවා නම් ඔය චන්ඩි පාට් ඔක්කෝම ඉවරයි...

:       23       49

රාවණා Tuesday, 16 January 2024 07:44 PM

මේ පියනන්ද කියන පුද්ගලයා කියන්නේ හාමුදුරුවන්ට දඩුවම් කරන්න ගිහියන්ට පුළුවන් කියලද? අදාළ කාරණා සංඝ සභාවෙන් බලගනී, නිකන් පවු පුරවාගන්නැතුව ඉන්න

:       6       0

පාඨකයෙක් Tuesday, 16 January 2024 05:33 PM

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් බොහෝදෙනෙක් කොටුව දුම්රියපොළට පැමිණෙන මෙම සමයේ, මෙවැනි ක්‍රියා පිටුපස ඇති අරමුණ කුමක්දැ'යි සොයා බැලිය යුතුයි.

:       0       42

janis Tuesday, 16 January 2024 06:13 PM

මේ දවස්වල බුදුදහමට අපහාස කරන පිස්සන් තමුන්ට ඕනෑ විදියට එය කරගෙන යාමට ඉඩදීලා. මහනායකලාත් ඒ අයට පිරිත් නූල් බඳිනවා. අනේ ඔය නායකකම උගත් කමේ ගොඩේ පන්සලක පොඩි හාමුදුරු වහන්සේ නමකට දෙන්න...!

:       41       34

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Tuesday, 16 January 2024 07:22 PM

දානෙට වඩින්නේත් ඔය අය නේද?

:       55       9

ලුම්බිණි Wednesday, 17 January 2024 04:55 AM

මොකද සිවුරක් ඇඳගෙන කොටුව දුම්රියපොළේ යකා නටලා කියල කියන්නේ? හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කොටුව දුම්රියපොළේ යකා නටලා කියන්න බැරිද?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site