IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කන්දකාඩු සිද්ධිය හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

(සුජිත් හේවාජුලිගේ)

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් පලා යෑමේ සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති   නීතිඥ  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබ ඇත.

එම පරීක්‍ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබසිටින්නේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනිසුරු හෙක්ටර් යාපා මහතාය.

එම පරීක්‍ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ   අතිරේක ලේකම්(පාලන හා පොලිස්)මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  එම්.එස්.පී සූරියප්පෙරුම,අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් පාලන ආර්.එස්  හපු ගස්වත්ත, එම අමාත්‍යාංශයේ ලේකම් (නීති) පියුමන්ති පිරිස් සහ  ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක ,යන මහත්ම මහත්මීහු වෙති.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නිර්දේශ ඇතුළත් වාර්තාව   සති තුනක් ඇතුළත තමාට බාරදෙන  ලෙස ඇමතිවරයා   පරීක්ෂණ මණ්ඩලයට උපදෙස්දී ඇත

 



අදහස් (0)

කන්දකාඩු සිද්ධිය හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site