කෘෂිකර්ම සිසුන්ට ජපන් යන්න වරම් මෙරට විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්හට ජපානයේ උසස් අධ්‍යාපන ආයතන තුනක සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ආසියානු මානව සම්පත් බැංකුව ( Asian Human Resource Bank) එකඟත්වය පළ කර ඇත. 03 December 2023
ව්‍යාපාරිකයෝ 10 ක් කෝටි 8,000 ක් පොලු තබති මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දසදෙනෙක් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 8,000 ක පමණ ණය පැහැර හැර ඇති බවත් ඔවුන්ගේ නම් හෙළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසීය. 03 December 2023
ජනපති-බිල් ගේට්ස් හමු වෙයි ලෝ ප්‍රකට ව්‍යාපාරික,මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති බිල් ගේට්ස් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඩුබායිහි දී අද (03) සිදුවිය. 03 December 2023
හමුදා ලොක්කෝ දවස් 5 ට ලක්ෂ 11ක කෑම කාලා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් දින පහකට රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පසුගිය 2022 වර්ෂයේදී වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 03 December 2023
විදුලි ගාස්තු වාහාම අඩු කරන්න ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාවේදී එහි මෙම වසරේ වියදම රුපියල් බිලියන 720 ක් ලෙස පුරෝකථනය කිරීම වැරදි බවත් සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහාම අඩු කළ යුතු බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද (3) පැවසීය. 03 December 2023
අලි ඇත්තු 433ක් ගිය අවුරුද්දේදී මැරිලා අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි ඇතුන් 433 දෙනකු පසුගිය වසරේදී මරුමුවට පත්ව ඇතැයි පරිසරය ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 03 December 2023
කැලණි සරසවියේ ආරක්ෂක පැහැරගෙන පහරදිලා කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදුකර ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි 03 December 2023
දෙවන වායු විදුලි බලාගාරය මුතුරාජවෙලට ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකරන බව නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 03 December 2023
එට්නා යළි පුපුරයි ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද යළිත් වරක් පිපිරිමට පටන් ගෙන තිබේ. 03 December 2023
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුරේ පිපිරිමක් පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 03 December 2023
දප්පුල කළ වැඩක් විජයදාස හෙළිකරයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරය දැරූ සමයේදී එවකට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තවත් වසරක සේවා දිගුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා එය නුදුන් නිසා පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවකු සිටින බව පවසා රටම ගිනි තබා ගෙදර ගියේ යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2023
සුළි කුණාටුව උතුරේ ධීවර කටයුතු නවත්වයි වායුගොලයේ පවත්තනා අඩුපීඩන තත්වය හේතුවෙන් දිවයිනට මායිම්ව පවත්නා සුලිකුණාටු අවදානමත් සමග උතුරු පලාතේ මුහුද රලු වීමෙන් උතුරේ ධීවරයින් ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත. 03 December 2023
ගෙවල් බිඳුම් කළ කල්ලියක තුනක් අල්ලයි වෛද්‍ය සහ නීතිඥ පවුලකට අයත් දෙහිවල හිල් වීදියේ සුඛෝපභෝගී නිවස ඇතුළු නිවාස කිහිපයකින් මුදල් ඇතුළු දේපල සොරාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් එලෙස සොරාගත් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපල සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි 03 December 2023
රථවාහන හැසිරවූ කොස්තාපල් හප්පලා තලංගම කොබ්බෑකඩුව මාර්ගයේ අකුරේගොඩ හන්දියේ දී රථවාහන හසුරුවමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ත්රිරෝදකට හප්පා අනතුරට ලක් කළ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 03 December 2023
හන්තානේ අතරමං වූ සරසවි සිසුහු සොයා ගැනෙති හන්තාන තරණයට ගොස් අ.මං වූ රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් 180 දෙනා පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව පැය හයකට අධික කාලයක් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සොයාගැනීමට හෑකිවූ බව මහනුවර පොලීසිය කියයි. 03 December 2023
නිල නිවසේ මැණික් ගරලා නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස තුල අනවසරෙන් මැණික් ගරමින් සිටි ක්ෂේත්‍ර නිලධාරියා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සහ නොර්වුඩ් පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. 03 December 2023
රාජකාරියට ගිය පොලීසියට බඹර ප්‍රහාරයක් සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ (සොකෝ)නිලධාරීන්ට පල්ලේදෙල්තොට දී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ගලහා රෝහලට ඇතුළත් කර තිබේ. 03 December 2023
පාලිකාව 17 හැවිරිදි දරුවා මරලා කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 03 December 2023
හොරෙන් ඉතාලි යන්න ඇවිත් කටුනායක හිර වේ කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ . 03 December 2023
බෙංගාල බොක්කේ සුළිකුණාටුව ඉන්දියාව දෙසට නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් 2වැනි දින පැය 23.30 වන විට උතුරු අංෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන ප්‍රදේශයේ,යාපනයේ සිට කිලෝ මිටර් 330ක් පමණ ඊසාන දෙසට වන්නට පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 December 2023
සරසවි සිසුහු පිරිසක් හන්තාන කඳු මුදුණේ අතරමං වෙති හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමං වූ කලණිය විශ්ව විද්‍යාලයේ සහ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටින බව මහනුවර මූලස්ථාන පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා පවසයි. 03 December 2023
කොන්ක්‍රිට් මිශ්‍රණය පෙරළී අයෙක් මරුට:දෙකකට තුවාල වැලිමඩ මස්පන්න මාර්ගයේ දිබුලන දිබුලත්කදුර ප්‍රදේශයේ දී අද (2) පස්වරුවේ කොන්ක්‍රීට් මිශ්රන ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් එහි රියදුරු මියගොස් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා වැලිමඩ සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඌවපරනගම පොලිසිය පවසයි . 02 December 2023
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයන්: සුනාමි තත්වයක් එයි දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දුපතේ රික්ටර් මාපකයේ අවම වශයෙන් 7.5 ක අගයක් ගත් භූමිකම්පාවක් අද (02) රාත්‍රී කාලයේ හටගෙන ඇතැයි පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත. 02 December 2023
පුංචි දියණිය ඇළට වැටී මරුට තඹලගමුව මොල්ලිපොතාන යුනිට් 10 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජලය බැස යන කාණුවකට වැටුණු දැරියක් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 02 December 2023
වැඩබලන පොලිස්පතිගේ පළමු ඉලක්කය කියයි සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු ඉලක්කය යයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද මහනුවරදි පැවැසිය. 02 December 2023
නොරෙච්චෝල නිවසකින් ලක්ෂ 150 දේපොළ සොරා ගනී නොරෝච්චෝල නාවක්කාඩුව කොළණිය ප්‍රදේශයෙ කෝටිපති එළවළු ව්‍යාපාරීකයකුගේ නිවසට වැදුන ආයුධ සන්නද්ධ සොරුන් කණ්ඩායමක් රුපියල් ලක්ෂ 150 කට ආසන්න රන් හා මුදල් සොරා ගෙන ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 02 December 2023
ජොනතන් 191වැනි උපන් දිනය සමරයි ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයා වන ජොනතන් නම් කැස්බෑවා ශාන්ත හෙලේනා දූපතේදී ඔහුගේ 191 වැනි උපන්දිනය පසුගියදා සැමරුවේය. 02 December 2023
මලලක්රීඩකයා ඝාතනය හතරක් සැකපිට කැළණිය තොරණ හංදිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 02 December 2023
ජනපති- ප්‍රංශ ජනපති හමු වෙයි COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා (Emmanuel Macron) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (02) පැවැත්විණි. 02 December 2023
ලංකාවෙ පසුම්බියට රුපියල් බිලියන 257ක් වැටෙයි දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේ දී ලංකාවට ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතී. 02 December 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026