රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරමින්, නැව්වලට පහර දෙන, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.
2021 ජනවාරියේ, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, බයිඩන් ගත් ප්‍රධාන පෙළේ විදෙස් ප්‍රතිපත්තියක් ලෙස මෙය සැලකෙයි.
හවුති සටන්කාමීන් ඉරානයේ සහාය ලබන කණ්ඩායමකි. මොවුහු, ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටිති. හවුති සටන්කාමීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2011 වසරේ යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය.
යේමන සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් - බයිඩන්
ravin Thursday, 18 January 2024 11:45 AM
ලොකු එකාට හැමදාම පොඩි එකාගේ වැරදි පෙනෙනවලු නේද