(ගයාන් සූරියආරච්චි)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම හුවමාරුවෙන් කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී වෙනත් වාහන ලියාපදිංචි පොත් දහයක්, වාහන අංක තහඩු දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පැමිණි ජීප් රථයද ලියාපදිංචි අංකය හා ලියාපදිංචි පොත් ව්‍යාජ ඒවා බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම පොලිසියට බාරදී තිබේ. වැඩිදුර විමර්ශන බණ්ඩාරගම පොලීසිය සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd