(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
එම කණ්ඩායම එම හිංසනවලට ලක්වූ සේවිකාවන් සහ එම අංශයේ නිලධාරීන් විස්සකට වැඩි පිරිසකගෙන් පෙරේදා ප්‍රකාශ සටහන් කර ගත්තේය.
පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටිමින් ඊයේ (17) දිනයේත් විමර්ශන කටයුතු කළේය. අද(18) දිනයේත් එම විමර්ශන පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd