IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිංගප්පූරු ඇමැති ධුරයෙන් ඉවත් වෙයි

දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඊශ්වරන්ට චෝදනා 27 ක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන්, විමර්ශන ආරම්භ වූයේ පසුගිය 2023 ජූලි මාසයේය. පාර්ලිමේන්තු නියෝජිතයකු ලෙස  ඊශ්වරන්ට මාසිකව සිංගප්පූරු ඩොලර් 15,000 කට වැඩි මුදලක් හිමිවිය.

සිංගප්පූරුවේ ප්‍රකට දේපොල ව්‍යාපාරියකු වන ඔන්ග් බෙන් සෙන්ග්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරමින්, ගුවන් ගමන් යෑම, සුඛෝපබෝගී හෝටලවල නවාතැන් ගැනීම, ‘ෆෝමියුලා 1’ මෝටර් රථ ධාවන තරග සඳහා ටිකට් පත් තෑගි ලෙස ලබා ගැනීම ආදී චෝදනා රැසක් සුබ්‍රමනියම් ඊශ්වරන්ට එල්ල වී තිබේ.

සුබ්‍රමනියම් ඊශ්වරන්, ඔහුට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූ අවස්ථාවේ, චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවැසුවේ, 2023 ජූලි මාසයේ සිට තමන්ට හිමි වැටුප් සහ දීමනා මුදල් ආපසු ලබා දෙන බවය.

සිංගප්පූරුවේ අමාත්‍යවරයකු අවසන් වරට, මේ අයුරින්, දූෂණ විමර්ශනයකට මුහුණ දීමට සිදුවූයේ 1986 වසරේදීය.

ලොව පිරිසුදුම දේශපාලනඥයන් සිටින්නේ සිංගප්පූරුවේ යැයි පැවැසෙයි. සිංගප්පූරුවේ අමාත්‍යවරුන් ලොව ඉහළම වැටුප් ලබන මහජන නියෝජිතයන් වන අතර, ඔවුහු මසකට සිංගප්පූරු ඩොලර් 45,000 කට (ශ්‍රී ලංකා රුපියල් 10,757,000 ක් පමණ) වඩා ආරම්භක වැටුපක් උපයති.

සිංගප්පූරු අමාත්‍යවරුන්ට ඉහළ වැටුපක් ලබා දීම සිදුවන්නේ ද වංචා සහ දූෂණ වලක්වා ගැනීමටය.

(සිංගප්පූරු පුවත් සේවා ඇසුරිනි)



අදහස් (5)

සිංගප්පූරු ඇමැති ධුරයෙන් ඉවත් වෙයි

sam Thursday, 18 January 2024 01:22 PM

ලංකාවේ දේශපාලුවන්ගෙන් 95% කට වඩා වැඩියෙන් දූෂණ චෝදනා තිබිලත් එකෙක්ට දඬුවම් ලැබෙන්නෙත් නැහැ එකෙක්වත් ඉල්ලා අස්වෙන්නෙත් නැහැ .ඒ කියන්නේ ලෝකේ ඉන්න ලොකුම දුශිතයෝ ඉන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ

:       2       24

ravin Thursday, 18 January 2024 01:46 PM

ඕන් ඒකට අපේ රටේ .බේරෙන්න පැමිණිලි හෙම දාලා අර අපූරුවට ඉන්නේ .උත්තරීතර යයි කියාගන්න තැනට යන්නෙම හොරකම් කරන්න බලාගෙන .අහුවුණු තැනදී කපා ගන්නවා ගණන

:       1       18

Amal Thursday, 18 January 2024 02:00 PM

සිංගප්පූරුවේ ඇමැති ඔහුට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කලත් ධුරයෙන් ඉවත් වෙලා. ඒකට ලංකාවෙ, ඇඟ බැඳලා දඩ නියම කරපු, මිනීමැරුම්වලට සිර දඬුවම් නියම කරපු කෂ්ටිය ඇමති කම් කරනවා කිසි හිරිකිතයකින් තොරව. දුෂණයට, වංචාවට සම්බන්ධ කෂ්ටිය අපේ නායක හූරා උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් (ඡන්දෙන් පැරදිලා) තව ඕනතරම් ඉන්නවා රටේ ජනතාවට කෝචොක් කර කර. 2048ටේ සංවර්ධිත රටක් වන පෙර නිමිති සහ සලකුණු !!! අපි මෙහෙම ගිහින් 2048 දීත් අපෙන් ඔය දුෂිත දෙසපාළුවො ෂැපද කියල අහලා අපිට කෝචොක් කරනවා, ෂුවර්. එතකොට ෂැප කණේ තමයි !!!

:       1       21

Hafeel Thursday, 18 January 2024 06:01 PM

අපේ පින් ජනාධිපති මෙයාව මෙහෙ මහ බැංකු අධිපති කළත් පුදුමයක් නැහැ. අපේ මහ බැංකු කඩපු සිංගප්පුරු මහේන්ද්‍රන් අදටත් එහෙ නිදැල්ලේ....!

:       1       6

pakeer Thursday, 18 January 2024 08:57 PM

මෙහෙ ඉන්න ඇමැතිලා බොන්න සෙට් වුණාම මේවා කිය කියා... අපිට පිටිපස්සෙන් හිනාවෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site