(ජේ .ඒ .එල්. ජයසිංහ)
මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින් වෙනත් පාසැල් වලට ස්ථාන මාරු කර යැවීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබෙි.
මෙලෙස ස්ථාන මාරු කිරීමට ලක් කර ඇත්තේ මහනුවර අධ්‍යාපන කලාපය,හඟුරන්කෙත අධ්‍යාපන කලාපය, හැටන් කලාපය,වලපනේ කලාපය යන අධ්‍යාපන කලාප වලට අයත් විදුහල්වල ගුරුවර ගුරුවරියන් බව මේ සම්බන්දව විමසු අවස්ථාවෙි පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මෙිනක හේරත් මහතා කීය.
මෙම ගුරුවරුන් ළමුන්ගෙන් මුදල් අයකර තමන්ගේ පංතිවල ඉගෙනුම ලබන දරුවන්ට අමතර පංති පවත්වා උගන්වා ඇති බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශණ නිලධාරින් සිදුකල විමර්ශණ වලදී අනාවරණය වී තිබෙන බවත් ඔවුන් උසස් පෙළ,සාමාන්‍ය පෙළ සහ ප්‍රාථමික පංතිවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් මෙලෙසමුදල් අයකර අමතර පංති වල උගන්වා ඇති බවත් පලාත් අමාත්‍යාංශ ලේකම් වරයා පැවසීය.
මෙම ගුරුවර ගුරුවරියන්ට එරෙහිව විනය පරීක්ෂණද පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකමි වරයා කීය.
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජකාරි පාසලේ දරුවන්ට ටියුෂන් කළ ගුරුවරු 51 ක් පාසලෙන් දොට්ට
Mangala Thursday, 18 January 2024 09:55 AM
මද්‍යම පලාතෙ විතරක් නෙවෙයි, හැමතැනම මෙක සිද්ද වෙනව.
saman Thursday, 18 January 2024 11:21 AM
මාතර රහුලෙත් ඉන්නව බටහිර සංගීත ගුරුවරියක්. ඔක්කොම ලමයි එයාගෙ ටියුශන් යන්න ඔන. නත්නම් ඒ ලමයි වෙන විශයක් තොරගන්න ඔන.
ajithThursday, 18 January 2024 07:18 PM
මේ අදහසට අන්ලයික් කර ඇත්තේ ඔය කියන සංගීත ගුරුවරිය විය යුතුයි.
Chamila Fernando Thursday, 18 January 2024 11:36 AM
සෑම පළාතකටම මේ නීතිය ක්‍රියාත්මක කල යුතුයි
Rata Perata Thursday, 18 January 2024 12:50 PM
ඉතා විශිෂ්ටයි .වයඹ පළාත් සභාවට ප්‍රණාමය .ඒ පළාතේ දෙමව්පියන්ට මොන තරම් අස්වැසිල්ලක් ඇද්ද ?නිකන් පුස් ඇමතියෙක් ඉන්නවා රටේ ,මේ වගේ දෙයක්වත් ක්‍රියාත්මක කරගන්න බෑ
නිහාල් Thursday, 18 January 2024 02:02 PM
කව්ද මේ thumb down කරපු එවුන්.
ලසන්ත Thursday, 18 January 2024 05:01 PM
"රට පෙරට" මගේ නම් ප්‍රණාමය උතුරු පළාත් සභාවට!
Pradeep Kumara Thursday, 18 January 2024 06:02 PM
ටියුෂන් හොරු මිසක් වෙන කවුද?
විපරමා Thursday, 18 January 2024 06:59 PM
කොළඹ නගරයේ සමහර පාසල්වල ගුරුවරු ගුරුවරියන් කියලා නිකම්ද? රට පුරාවටම ඔය වගේ අය ඕනෑතරම් ඉන්නවා...!
pakeer Thursday, 18 January 2024 08:59 PM
අකමැති අයව හොයන්න NIB එකට දෙන්න. එතැනින් තව අයව හොයාගන්න පුළුවන්...
Dileepa Thursday, 18 January 2024 11:03 PM
රාජකාරි වෙලාවේදී පෞද්ගලික රෝහල්වල සේවය කරන දොස්තරවරුනුන් අස්කරනවාද?