
(කේ. බුද්ධික කුමාරසිරි)
කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ තොටුපළ අසලද දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය එකොලොස් හැවිරිදි දරුවාගේ සිරුර අද (17) රාත්‍රීයේදී හමුවූ බව කඩුවෙල පොලිසිය පවසයි.
අදාල සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100ක් පමණ අඹතලේ දෙසට වන්නට තිබී දරුවාගේ සිරුර හමුවූ බවත් සිරුරේ කිසිදු කොටසක් අඩුව ඇති බවට සලකුණක් නොතිබූ බවත් කිඹුලාගේ දත් පහරවල් කිහිපයක් ශරීරයේ තැනින් තැන තිබූ බවත් දැක ගන්නට හැකි වූ බව කඩුවෙල පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිත බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙලෙස මරණයට පත්ව තිබුණේ කඩුවෙල වැලවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි දිස්න ප්‍රමෝද් පෙරේරා නැමති 11 හැවිරිදි පාසල් සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට දේශපාලුවන්ගෙන් විතරක් නෙවෙයි, ජනතාවට සතුන්ගෙනුත් කරදර. රිලවු, වඳුරන්, කිඹුුල්ලු, අලි, මොනරු, වල් ඌරන්, ඉත්තෑවන් මේ සියල්ලම පලිබෝධක ගණයට වැටිලා. වන ජීවිය සහ කෘෂිකර්ම අමාත්‍යංශ මේවට පියවර නොගත්තොත් ජනතාව පිළියම් යොදයි. දැනට අලි මරණ වලට හේතුව ඒක. මිනිස්සුන්ට දඬුවම් කරන්න එපා. කිඹුලට උනත් වෙඩි තියන්න අවස්ථාව තිබුණ. ඒක ඉදිරියේදී වෙන්න බැරි නැහැ.
මෙම නාන තොටුපල කිට්ටුව විය හැකි කිඹුල් උවදුර ගැන දැන්වීම් ගසා තිබුනා නම් ,මෙම දරුවාගේ වටිනා ජීවිතය බේරා ගෙන ඒමට ඉඩ තිබුණි