අන්තරේ පේරාදෙණි පා ගමනට කඳුළු ගෑස් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය කොළඹ-නුවර පහරදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල ප්‍රහාරය එල්ල කළේය. 06 September 2023
සරසවි අයදුම්පත් භාරගැනීම 14 වැනිදා සිට රාජ්‍ය විශ්වවිද්‍යාල 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බවත් අයදුම්පත් මේ මස 14 වැනිදා සිට යොමුකළ හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (6) පැවසීය. 06 September 2023
ළමාවංශට එංගලත්තයෙන් ඉහළ සම්මානයක් මෙරට ශල්‍යකර්ම ක්ෂේත්රය ජාත්‍යන්තර ගෙන ඒම වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි රාජකීය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාලය ගෞරව FRCS සම්මානයක් පිරිනැමීය. 06 September 2023
සචිත්ර රිමාන්ඩ් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. 06 September 2023
‘කෙහෙළියට විමල්ගේ සහාය නෑ’ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අදද (6) පැවසීය. 06 September 2023
මැදරට පළාත් මන්ත්‍රීන්ට දුන් ලැප් යළි දී නැහැ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට ලබා දුන් ලැප්ටොප් පරිගණක 58ක් තවම බාරදී නැතැයි මධ්‍යම පළාත් සභා ලේකම් කාර්යාලය කියයි. 06 September 2023
රට විරුවන්ගේ දරුවන්ට ලක්ෂ 93 ක ශිෂ්‍යත්ව විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන යටතේ මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දරුවන් 358 කට රුපියල් ලක්ෂ 93 කට ආසන්න ශිෂ්‍යත්ව පිරිනැමූ බව එම කාර්යංශය පැවසීය. 06 September 2023
අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැති කවුද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 06 September 2023
වරාය සේවකයෝ නැවතත් එළියට බසිති ආණ්ඩුව සේවක අර්ථ සාධක සහ සේවක භාර අරමුදල් පොලි කපාහැරීම, එම අරමුදල්වල ඉතිරි මුදලට බදු අයකිරීම සහ හාම්පුතුන්ගේ උවමනාවට කම්කරු නීති සංශෝධනය මෙන්ම මර්දනය කිරීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සන්ධානය කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණුව අසළදී අද (6) දිවා විවේකයේදී විරෝධතා පෙත්සමක් භාරදී උද්ඝෝෂණයක් පැවැත්වීය. 06 September 2023
එන්.ටී.සී. අධ්යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි එම කොාමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය. 06 September 2023
දේශීය ආදායම් පනතට සජබ සහය නෑ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත 06 September 2023
225 ජනතාව සමග දැයි ඔප්පු වේවි සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2023
ශ්‍රීලනිප නව මහ ලේකම් සරත් ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත්කර තිබේ. 06 September 2023
එජාපය නැගිටින විට රටත් නැගිටිනවා එක්සත් ජාතික පක්ෂය වැටුණු හැම අවස්ථාවකම රට කඩා වැටුණු බවත් නැවත එක්සත් ජාතික පක්ෂය නැගිටින වෙලාව උදාවී තිබෙන බැවින් රටට ද හොඳ කාලයක් උදාවනු ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සර සැමරුම අමතමින් පැවසීය. 06 September 2023
සජිත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටුවී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 September 2023
සචිත්‍රගෙන් ප්‍රශ්න කරන්න අයි.සී.සී. පොලිසියට එයි මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙක් ද කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට මේ වන විට පැමිණ සිටියි. 06 September 2023
සැකකරුවකුට සුද්දයක් දුන් පී.සී ඩබලට මාංචු වැලිකඩ ප්‍රදේශයේ දී අයිස් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබු ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා රුපියල් 25,300 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. 06 September 2023
හතු සුප් සමග පණ පිටින් මීයෙක් චීන අවන්හලකින් ගෙන ආ හතු සහ නූඩ්ලස් සුප් එක ආහාරයට ගැනීම සඳහා සූදානම් වන විට එම සුප් එකේ පණපිටින් මීයකු සිටිනු අයුරු දැක තමන් කම්පනයට පත් වූ බව එක්සත් රාජධානියේ සෑම් හේවර්ඩ් නම් පුද්ගලයෙක් ප්‍රකාශ කළේය. 06 September 2023
කම්බි කපා සැකකරුවන් පැන ගිහින්:අයි.පී- පී සී ගෙදර හොරොයින් ළග තබා ගැනීම හා ගෙවල් බිඳ දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකු පොලිස් සිරමැදිරියේ කම්බි කපා පොලිස් අත්අඩංගුවෙන් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය කියයි. 06 September 2023
සචිත්ර සේනානායක පොලිසියට භාරවෙයි මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අද (6) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වූ බවත් ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් ඒකකය පැවසීය. 06 September 2023
මැති සබයේ විරෝධයක් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවිය. 06 September 2023
සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභං යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. 06 September 2023
හරීන්-මනූෂ ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. 06 September 2023
අර්ථසාධක අරමුදල ගැන ජනපතිගෙන් සහතිකයක් අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2023
දයාසිරි ධුරයෙන් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ බව එම පක්ෂයේ උසස් තනතුරක් දරණ අමාත්‍යවරයෙක් පැවසීය. 06 September 2023
ජනපති පාර්ලිමේන්තු එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 06 September 2023
අදත් තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර,සබරගම,වයඹ පළාත්වලත් මහනුවර,නුවරඒළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටිනි විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 06 September 2023
ශ්‍රී ලංකාව ‘සුපිරි හතර’ වටයට එයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලැබීමට අද (5) සමත් වූහ. 05 September 2023
එජාපය 77 උපන්දිනේට ඩිජිටල්කරණය වෙයි එක්සත් ජාතික පක්ෂයේ හෙට (6) 77 වැනි සංවත්සරය සමරයි. 05 September 2023
හොරෙන් කෝල් ගත්තැයි බන්ධනාගාරයෙන් තවත් දඩුවමක් වව්නියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කර තවත් 8 දෙනකු තුවාල ලැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වව්නියාව බන්ධනාගාරයෙ රඳවා සිටියදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් ඇමැතුම් 3292 ක ප්‍රමාණයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු ට හා එම ජංගම දුරකතනය හිමි පුද්ගලයාට බන්ධනාගාර විනිශ්චය සභාව විසින් මාස 4 ක සිරදඩුවම් නියම කර ඇත. 05 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026