IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උපයෝගිතා කොමිසමේ වැඩ ගැන ආර්ථික කමිටුවේ අප්‍රසාදය

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට  එහි ප්‍රධානීන් දක්වන අඩු සැලකිල්ල පිළිබඳව  ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය  පළ කර ඇත.

පසුගිය  2020 වසරේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව එම  කාරක සභාව සැලකිල්ලට ගත් අවස්ථාවේදී මේ පිළිබඳ  කරුණු අනාවරණය විය.

එම කාරක සභාව එහි සභාපති
මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 10 වැනිදා රැස්විය.

පද්ධතිය ඩිජිටල්කරණයට ලක්  කිරීම සඳහා ක්‍රියා කිරීමේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඒ සඳහා දක්වන අඩු සැලකිල්ල  පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම උත්තරීතර සභාවට  අගෞරවයක් බව පැවසූ කාරක සභාව පද්ධතිය භාවිත කිරීමේදී  මානව මැදිහත්වීම් අවම කළ යුතු බව ප්‍රකාශ කළේය.

ඩිජිටල්කරණයට ලක් කිරීම පද්ධතියේ  එක් කණ්ඩායමක්  හේතුවෙන් අභියෝගකට ලක්ව ඇති බවත්  මෙයාකාරයෙන්  එක් කණ්ඩායමකට ඉඩ දීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා මත බර පැටවීම පමණක් බවත් කාරක සභාව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් මීට වඩා දැඩිව  ක්‍රියා මාර්ග  ගත යුතු බවද    කාරක සභාව අවධාරණය කර ඇත.

මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන  ගුණතිලක රාජපක්ෂ,  මධුර විතානගේ, සහ  එම ආයතන දෙකේ ප්‍රධානීහු සහභාගි වූහ.



අදහස් (0)

උපයෝගිතා කොමිසමේ වැඩ ගැන ආර්ථික කමිටුවේ අප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site