පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 December 2023
හොර අධ්‍යාපන ආයතනයක් නමින් කෝටි ගණනක් වංචා කළැයි පහක් මාට්ටු මුහුණු පොතේ දැන්වීම් පළකර බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් කෝටි ගණන් මුදල් ඉපැයූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේ ප්‍රවර්ධන නිලධාරීන් 5 දෙනකු අද අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 05 December 2023
නෙදර්ලන්තයට ගෙන ගිය ලක් උරුම ප්‍රදර්ශනය අරඹයි ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට බාරදෙන ලද කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාරයේ දී අද (5) මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ඇරැඹිණි. 05 December 2023
ඇල්පිටිය ප්‍රා.සභා අය වැය පරදියි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ (පොදුජන පෙරමුණු) සභාපතිවරයා ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 07දෙනකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු 19 දෙනෙක් එක්ව වැඩි ඡන්ද 09කින් පරාජයට පත්කළහ. 05 December 2023
ඩිල්රුවන් - අජන්ත - පරණවිතාන ක්‍රිකට් තේරීම් කමිටුවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබූ තරුණ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. 05 December 2023
ව්‍යවස්ථාදායක කාරක සභාවට අලුත් සාමාජිකයෝ “සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කරන ලද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(5) පැවසීය 05 December 2023
විශ්ව විද්‍යාල ගුරුවරුන් රට යන්න නිවාඩු අරන් ගෙදරම ඉඳලා මෑත වර්ෂ වල විදෙස් ගත වීමට සප්ත වාර්ෂික නිවාඩු ලබා ගත් විශ්ව විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් සියයට අනූ නවයක් විදේශ වලට ගොස් නැතැයි ද ඒ අය ලංකාවේ ම ඉඳගෙන වෙනත් වැඩ කර තිබෙන බවද පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2023
කැලණියේ සිසුන් 4 කට පංති තහනම් කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සිසුන් සිව්දෙනාගේ පංති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පවසයි. 05 December 2023
වැට් විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඉරිදා පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (5)හිමිවිය. 05 December 2023
කුරුණෑගල ස්කෑන් යන්ත්‍රයේ කොටස් රේගුව නිදහස් කරයි රේගුවේ රදවාගෙන තිබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ඊයේ (4) පස්වරුවේ නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුග්ගොඩ මහතා අද (5) ‘ලංකාදීප’යට පැවසීය. 05 December 2023
දොම්පේ ප්‍රාථමික පාසලක මර උගුලක් දොම්පේ ප්‍රාථමික පාසලක අවදානම් සහිත යැයි හඳුනාගත් හඳුනා ගත් ගොඩනැගිල්ලක පන්ති පැවැත්වීම සඳහා කොන්ත්‍රාත්කරු සමඟ එක්ව නිලධාරීන් විදුහල්පතිවරයාටත් බලපෑම් කරමින් සිටින බව ජාතික ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 05 December 2023
සරසවි ඇදුරන් බාගයක් රට ගිහින් විශ්වවිද්‍යාලවල සිටිය යුතු ආචාර්යවරුන් 12000න් දැන් සිටින්නේ පන්දහසක් පමණ අඩු සංඛ්‍යාවක් හෙයින් ඒ ගැටලුව වහා විසඳීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (5) ඉල්ලීමක් කළේය. 05 December 2023
දරුවන් 50,000 ක් පාසලට අහිමි වෙලා රටේ උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පාසල්වලට අවුරුදු පහ සම්පූර්ණ කළ දරුවන් ඇතුළත් කිරීම 50,000 කින් පමණ අඩුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 December 2023
බේරේ ලස්සන ගැන කඩිනම් වාර්තාවක් කැඳවයි බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාල ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. 05 December 2023
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය ගැන මෙහෙයුම් මැදිරිය දන්නෙත් නෑ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පැයකට අධික කාලයක දුම්රිය ප්‍රමාදයක් මේ වන විට පවතින බවත් ගම්පහ දුම්රිය ස්ථානයට පැයකට අධික කාලයකින් කොළඹ බලා ධාවනය වන දුම්රියක් ළඟා නොවුණු බවත් මගී ජනතාව පවසති. 05 December 2023
අයියා මරා පිළිස්සීයැයි මල්ලී අත්අඩංගුවට අයියාට පොල්ලකින් ගසා ඝාතනය කර පුළුස්සා ඉතිරි වූ කොටස් බලපාත දොළට දැම්මේ යැයි කියන 58 හැවිරිදි මල්ලී සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි. 05 December 2023
ලාංකික වැඩකට සාර්ක් පාලක මණ්ඩල අනුමැතිය සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වන පාලක මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා රජය 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහන් වෙනුවෙන් සාර්ක් පාලක මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇත. 05 December 2023
වසර තුනහමාරට පසුව වැඩිම සංචාරකයන් නොවැම්බරයේ වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය. 05 December 2023
දරුවන්ගේ පාසල් කාලය වසරකින් අඩු කරන්න යයි රජයේ පාසල්වල අධ්‍යාපන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියට සහ උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියට ගෙන ඒමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමත්‍යාංශය පවසයි. 05 December 2023
සංචාරය නිමකර ජනපති යළි එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති ’’ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ’’ සහභාගී වීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 05 December 2023
සුපිරි සාදය සුපිරිවලියක් වී කොන්ත්‍රාත්කරු මරුට ජාඇල උදම්විට ප්‍රදේශයේ සුපිරි හෝටල් සංකීර්ණයක දෙපිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් ඇතිවු ගැටුමකින් 34 හැවිරිදි පුද්ගලයකු ඝාතනය වී ඇති බව ජාඇල පොලිසිය පවසයි. 05 December 2023
‘‘රට බංකලොත් කළ රාජපක්ෂ පවුලට දඬුවම් දෙනවා‘‘ දුෂිත ගනුදෙනු ගැන කියා ෆයිල් පෙන්නා බලයට පැමිණි විට දඩුවම් දෙන බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් රැස්වීම්වල ප්‍රකාශ කළත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 05 December 2023
විදුලිය කපන්න ගිහින් ගුටි කාලා විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇත. 05 December 2023
පුරාවස්තු සමග අට දෙනෙක් මාට්ටු පුරාවස්තු බවට සැකකරන පාෂාණ කොටස් සන්තකයේ තබාගෙන සිටි බව කියන සැකකරුවන් හත් දෙනකු සහ එක් සැකකාරිය කඩවත සූරියපාළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි. 05 December 2023
‘‘මිජවුම්‘‘ තවත් චන්ඩ වේ බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චන්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 04 වන දින 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේෂංශ 80.3° ආසන්නයේ යාපනයේ සිට කිලෝ මීටර් 520ක් පමණ උතුරු දෙසින් පැවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 December 2023
ලාෆ් ගෑස් මිලත් වැඩි නොවේ ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමා පැවති මිලට අළෙවි කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 December 2023
විදුලිය ඇද ඇතුන් දෙකක් මරූ අඹු සැමියෝ රිමාන්ඩ් කරුවලගස්වැව තේවනුවර ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක් තුළදි විදුලි සරු වද්දවා ඇතුන් දෙදෙනකු මරා දැමිමේ චෝදනාවට කරුවලගස්වැව පොලිසියට භාර වු සැකකාර අඹු සැමි යුවලගෙන් සැමියා එළඹේන 12 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමටත් සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 4 දින නියෝග කෙරුණී. 04 December 2023
ෂෙමාරා තෙවනවරටත් වාර්තාව අලුත් කරයි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය වී තිබේ. 04 December 2023
අගුරු චෙක් දුන් ව්‍යාපාරිකයාට ඇප එන්.එම්.කේ සමූහ ව්‍යාපාරයට ලබා දුන් එක් කෝටි හතළිස් එක් ලක්ෂයක වටිනාකමින් යුත් චෙක්පත් 18 අගරු වීම හේතුවෙන් අත් අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු මිලියනයක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.එසේම පදිංචිය තහවුරු කරන ලෙසද නියෝග කෙරිණ. 04 December 2023
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග මහතා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පතකරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (4) පැවසීය. 04 December 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026