IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හොර හරක් ජාවාරමුන් පොලිසියට මාට්ටු

( ප්‍රසාද් රුක්මල් ) 

හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව මීහරකුන් සහ එළගවයින් හොර රහසේ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමඟ පුද්ගලයන් තිදෙනකු අද  (21) අලුයම  හාලිඇල  දික්වැල්ලවත්ත  උඩකොටසේ දී අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .

අත්අඩංගුවට ගන්නා විටත් ලොරිය තුළ මීහරකුන් දෙදෙනකු සහ එළගවයකු , ගැබ්බර  එළදෙනකු හිංසාකාරි ලෙස සිරකර  අතපය  ගැටගසා   සිටි බවද  පොලිසිය කීය .

වැලිමඩ  ගුරුතලාව සහ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34, 41,44 වයසේ පසුවෙන තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය  පැවසීය .

හාලිඇල පොලිසියේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත ඇටම්පිටිය  දික්වැල්ලවත්ත මාර්ගයේ දික්වැල්ලවත්ත උඩකොටස ප්‍රදේශයේ මගරැක සිට මෙම වැටලීම සිදුකර බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරිය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .

මොවුන් මෙම ගවයින් හාලිඇල කැටවල සිට  වැලිමඩ ගුරුතලාව  ප්‍රදේශයට මෙසේ හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය පවසයි.



අදහස් (1)

හොර හරක් ජාවාරමුන් පොලිසියට මාට්ටු

Ranjith chandrasekera Monday, 22 January 2024 09:17 AM

මෙවැනි අවස්ථාවකදී ප්‍රවාහනය කරන වාහනය රාජසන්තක කළ යුතුය. හුඟක් අවස්ථාවලදී නඩු පවතින්නේ රියදුරාට සහ වාහනයේ ගමන්ගත් පුද්ගලයන්ට පමණි. එමනිසා වාහනය රාජසන්තක කොට අයිතිකරුටද නඩු දමා උසාවිය ඉදිරියේ වැරැදි කරුට දඬුවම් ලබාදිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 113 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site