IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාවේ ඇඟලුම් වලට තව ඉඩක් හැදෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට බෙනින් රාජ්‍යයේ ආයෝජන අවස්ථා සලසන බව එහි උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ උගන්ඩාවේදී පැවසීය.

 ප්‍රමුඛ කපු අපනයනකරුවකු වන බෙනින් රාජ්‍යයේ කපු කර්මාන්තයේ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට  අවස්ථාව තිබෙන බව කී උප ජනාධිපතිවරිය  ඒ සඳහා ශ්‍රී ලාංකික ආයෝජකයින් යොමු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා සිටියාය.

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවිය.

මේ අතර  රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා  නිදහස් කිරීම පිළිබඳව ශ්‍රි ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි. 

මෙම ගිවිසුම මගින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව දින තිහක් දක්වා එක් රටකට ඇතුළු වීමට සහ එහි රැඳී සිටීමට පහසුකම් සපයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි,බෙනින් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඔලුෂෙගුන් අඩ්ජාඩි බකාරි (Olushegun Adjadi Bakari) මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

 



අදහස් (4)

ලංකාවේ ඇඟලුම් වලට තව ඉඩක් හැදෙයි

Kazi Shajahan Sunday, 21 January 2024 11:42 AM

බොරුවට යනවා පිරිවර සමග... මෙතෙක් කල් නම් ගෙනාපු දෙයක් නැහැ. රනිල් ආපු දා ඉඳලා අපි කන වේල් ගාණ අඩුවුණා...

:       0       1

විජිත් Sunday, 21 January 2024 07:17 PM

මේ මෝඩ නාකියාව අන්දන්න හරි ලෙහෙසියි විදේශිකයින්ට. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ, යුදෙව් ඒකාධිකාරියක් ඇතිකිරීමට මොසාඩ්ලා එවපු පිල්ලියක්ද කොහෙද.බෙනින් කියන්නේ යුදෙව්වන්ට දන නමන ඒවගේම යුදෙව්වන් සිටින , අප්‍රිකානු රටක් බව මේ මෝඩයා දන්නේ නැතිද ?කොහෙවත් ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කනවෝ කනවෝ කියන්න අපේ මෝඩ දේශකාපාලුවන් හරි දක්ෂයි.

:       1       1

M.Dharmasiri Monday, 22 January 2024 09:18 AM

විදේශ සංචාරවලින් ඇඟලුම් ඇණවුම් ලැබුවා කීවත් මේගැන අවබෝධයක් නොමැති උදවිය එම සංචාර නිර්දය ලෙස විවේචනය කෙරුවා.. මෙහි ඉන්න මෝඩ ජනතාව ඇන්දවීමට. ඔවුන් දන්නවා රට ඉස්සරහට ගියහොත් ඒ අයගේ බලාපොරොත්තු සුන්...!

:       1       2

Sharm Wednesday, 24 January 2024 06:44 AM

අනේ මෙහෙම කෙනෙක්.. බෙනින් කාරයෝ එයාලාගේ නිශ්පාදන වලට වෙළඳපලක් හදාගන්න යන්නේ මෙයාව ගොනාට අන්දගෙන.. ලංකාවේ ඇඟලුම් කම්හල් කීයක් දැනට වැහිලා කියලා මේක කියවපු කීදෙනෙක් දන්නවාද? බ්රේස්ලට් කතා තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 113 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site