IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිදෙනෙක් අල්ලයි

(වසන්ත චන්ද්‍රපාල) 

මෙරට නිෂ්පාදිත අවි නිෂ්පාදනය කරන ස්ථානයක් සමග පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් වීසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් තිරුක්කෝවිල් පොලිස් වසමේ විනයාගපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ගිනි අවි නිශ්පාදනය කරමින් සිටි පුද්ගලයකු, ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හා අවි නිශ්පාදනය කිරීම සඳහා ආධාර අනුබල දෙමින් සිටි පුද්ගලයකු මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු 01 ක්, වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක නිශ්පාදනයට ගන්නා යකඩ බට 03 ක්, යකඩ කැපීම සඳහා භාවිතා කරන පවර් ෂෝ යන්ත්‍ර 01 ක් හා යකඩ පෑස්සීම සඳහා යොදා ගන්නා වෑල්ඩින් ප්ලාන්ට් යන්ත්‍රයක් සමග  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 34,42,54 පසුවන තිරුක්කෝවිල් හා කන්චිකුඩිච්චිආරු යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් වේ.

 



අදහස් (2)

ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිදෙනෙක් අල්ලයි

නිහාල් Sunday, 21 January 2024 11:29 AM

කොටි නැගිටිනවා. ඡන්දයක් ළඟයි...!

:       0       0

බන්ඩාර Sunday, 21 January 2024 12:27 PM

දඩුවම් දෙන එක නීත්‍යානුකූලව හරි, නමුත් ඔවුනිගේ හැකියාවෙන්, බුද්ධියෙන් ප්‍රයෝජන ගත යුතුයි .රටට ඩොලර් ඉතිරි කර ගන්න පුලුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 112 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site