(නිමල් ජයරත්න )
යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව ප්‍රදේශයේ අද(21) වැටලීමකට ගිය වැලිකන්ද පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බෝතලයකින් ඇනීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
එම කාන්තාව බෝතලයක් කඩා බෝතලේ කොටසකින් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ වම් හා දකුණු අත ප්‍රදේශයට ඇනීමෙන් සිදුව තිබෙන තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකපිට කඩවතමඩුව නව මැණික්දෙනිය ගම්මානයේ පදිංචි, උක්කුං අක්කා යන නමින්
නීති විරෝධී අරක්කු අලෙවියට ප්‍රසිද්ධව සිටින හතළිස් පස්වියති එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට බෝතලයකින් ඇනලා
Bamunuarachchi Monday, 22 January 2024 11:04 AM
යනයන තැන පොලිස් උන්දැලා ගුටිකනවා. හේතුව පොලිස් ශබ්ද කෝෂයට ඔබතුමා කියන වචනයක් එකතුවෙලා තිබීමයි. මෙහෙවර පුතෝ කියන කාලේ ගුටි කෑවේ නැහැ..!