ලකුණු 40 ට අඩු වුණාට සිසුවා පාසල් ගේට්ටුවෙන් එළියට විෂය පරීක්ෂණයකින් ලකුණු 40 ට අඩුවෙන් ලබා ගත්තැයි බේරුවල, මග්ගොන මුස්ලිම් විද්‍යාලයක විදුහල්පතිවරයකු විසින් 3 වසරේ ඉගෙනුම ලබන සිසුවකු පාසල් ගේට්ටුවෙන් එළියට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් අද (7) පැමිණිල කළ බව බේරුවල පොලිසිය පවසයි. 07 September 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ලක්ෂ 75 ක ත්‍යාගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව විස්සයි20 තරගාවලි ජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ඇමරිකානු ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 75 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 07 September 2023
දොස්තර-ඉංජිනේරුවකු හදන්න යන මුදල ගැන ඇමැති කියයි මෙරට වෛද්‍යවරයකු බිහි කිරීමට රජය රුපියල් හතළිස් ලක්ෂ අනූ දෙදහස් නවසිය පහළොවක්ද ( 40092915) ඉංජිනේරුවරයකු බිහිකිරීමට රුපියල් විසි එක් ලක්ෂ පන් දහස් දෙසිය විස්සක්ද ( 2105220)වැය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද ( 7 ) හෙළි කළේය. 07 September 2023
’’එක්කෙනෙක් යන තුරු එක්කෙනෙක් කෙල හලනවා’’ සෞඛ්‍ය ඇමති විශ්වාස භංගයෙන් පැරදුනොත් ඒ තනතුර ගන්න විපක්ෂයේ කෙනෙක් කෙළ හලාගෙන බලා ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 September 2023
චැනල් 4 චෝදනාවට විරෝධය ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්ෂවරු සහ ආරක්ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 07 September 2023
මාසයක් මුහුද යට ඉන්න නැවතුම්පොළක් මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත.වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් මෙම නැවතුම්පොළ ඉදිකිරිමට තීරණය කර තිබේ. 07 September 2023
’චැනල් 4’ ගැන ගෝඨාභය කතා කරයි ‘චැනල් 4’ නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චෝදනාව වන ‘පාස්කු දින ප්‍රහාරය’ තමන් බලයට පත්කිරීම සදඟා හිතාමතාම කළ ප්‍රහාරයක් යන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් හමුවූවා යැයි කථාව පැහැදිළිවම ගොතන ලද්දක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 September 2023
අස්වැසුම’ දෙවැනි අදියර මුදල් බැංකුවට යවයි ‘අස්වැසුම’ සමාජ ප්රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන් 257,170 ක් සඳහා රුපියල් කෝටි 155 ක් බැංකුවලට බැ රකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 07 September 2023
සෞඛ්‍ය ගොඩගන්න බිලියන 500ක් ඕනෑ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර කරගැනීමේ අරමුණ ශ්‍රී ලංකාව බංකොලොත් ලේබලයෙන් ගලවා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 September 2023
ආරක්ෂක ලේකම් සිංදුවක් ලියයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ලියූ “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ ’’ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි. 07 September 2023
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (7) සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 16 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 07 September 2023
අලි මරණ ගැන සජිත් වාර්තාවක් ඉල්ලයි අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පසුගිය මාස කීපයේදී හදිසියේ මිය ගොස් ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් මැතිසබේට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) වනජීවී ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කළේය. 07 September 2023
කෑම විසවී පොලිසියේ 10 ක් රෝහලට පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 07 September 2023
හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත්, ඒවා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ට එවා ඇති බවත් වාර්තා වේ. 07 September 2023
අතවර චෝදනාවට ඇල්ලූ සැකකරු කටු 2ක් ගිලලා 15 හැවරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොතුපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවකු පොලිසිය තුළ හැට්ට කටු දෙකක් ගිල දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොතුපිටිය පොලීසිය පවසයි. 07 September 2023
තාත්තයි දුවයි තැපැල් දුම්රියට බිලි කන්තලේ පරාක්‍රම මාවත දුමිරිය හරස් මාර්ගය අසලදි පියෙකු හා දියණියක ඊයේ (06) රාත්‍රි 8.30 ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ හැපී මියගොස් ඇති බව කන්තලේ පොලිසිය පවසයි. 07 September 2023
අපේ කෝපිවලට අරාබියෙන් ලොකු සහතිකයක් ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවසීය. 07 September 2023
’’ත්‍රිපෝෂ නැතුව පෝෂණය වැටිලා’’ රටපුරා ත්‍රිපෝෂ බරපතළ හිඟයක් පවතින හෙයින් ගර්භනී මවුවරුන් සහ කුඩා දරුවන්ගේ පෝෂණය ගැන ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 September 2023
බාර් ලයිෂන් ලයිස්තුව මැතිසබයට රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 September 2023
කොළඹ ඇළ වේලි සුද්ද කිරීම අරඹයි කොළඹ නගරය සහ අවට ප්‍රදේශ වල ගංවතුර පාලනය සඳහා ඇල වේලි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ඇරඹූ බව නගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි. 07 September 2023
බියගම වගේ රටම ආයෝජන කලාපයක් කරනවා බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 September 2023
පළාත් කීපයකට අදත් තරමක තද වැසි බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 07 September 2023
ගස පාරට වැටී දින තුනක් එය තවමත් එසේමයි අනුරාධපුර, ගනේවල්පොල ගලෙන්බිදුනුවැව B133 මාර්ගගයට දින තුනයි පෙර කඩා වැටුණු විශාල ගසක් තවමත් ඉවත් නොකිරීම නිසා එහි ගමන් ගමනයට බාධා එල්ල වි තිබේ. 07 September 2023
පස් කන්ඳක් කඩාවැටී වෙරළබඩ දුම්රිය නවතී වෙරළබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ පායාගල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස්කන්ඳක් අද (6) රාත්‍රී කඩාවැටීම හේතුවෙන් දුම්රිය දෙකක් පයාගල දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 September 2023
පාකිස්තානය ‘සුපිරි හතර’ වටයේ පළමු ජය ලබයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග ආරම්භ කරමින් ලාහෝර්හිදී අද (6) පැවැති තරගයේදී සත්කාරක පාකිස්තානය කඩුලු 7 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය. 06 September 2023
චැනල් 4 ගැන යූ.එන් පරීක්ෂණයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අද (06) ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 06 September 2023
ඩුබායි හිදි ලාංකිකයකුට කෝටි 175ක් ඇදෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයකු ඩිරාම් මිලියන 20 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 175 ක් පමණ)ක ලොතරැයි ජයග්‍රහණයකට හිමිකම් කීමට වාසනාවන්ත වී ඇත . 06 September 2023
‘චැනල් 4 නාලිකාව’ට කෘත්‍යඥාතාව පළ කරනවා පාස්කු ඉරුදින ප්‍රහාර පසුපස තිබූ කුමන්ත්‍රණය සහ එයට සම්බන්ධව සිටියා යැයි කියන පුද්ගලයන් පිළිබඳව බි්රතාන්ය ‘චැනල් 4 නාලිකාව’ කළ වාර්තාව වැඩසටහන සම්බන්ධයෙන් සහ ඒ සඳහා වෙහෙසුණු සැමට කෘත්‍යඥාතාව පළකරන බවත් එම වාර්තාව විමර්ශනයින් පසුව පිළිගැනීමට සූදානම් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (6) පැවසූහ. 06 September 2023
ඇමැති සහ ඇමැති පුතා හරක් කටා බේර ගන්න දඟලයි රැඳවම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදුකරන මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නිදහස් කරන ලෙසට රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයාකු හා ඔහු පුතා පොලිසියේ ඉහළම නිලධාරීන්ට නිතර නිතර බලපෑම් සිදුකරන බවට පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 06 September 2023
දුරකතන හබය දුරදිග ගිහින් දර පොලු පහරින් බිරිය මරුට ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ බිරිය සහා සැමියා අතර ඇති වූ ආරවුලක් දර කැබ්ලකින් පහරකෑ 24 හැවිරිදි තරුණ බිරිය මියගොස් ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසයි. 06 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026