(ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී.ජී.සුගතපාල)
කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකුට සහ සායිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සේවයෙන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස් ඩී යූ එම් රංගා මහතා සනාථ කළේය.
මෙම ශල්‍ය වෛද්‍යවරයාට නව චක්‍රලේඛයට අනුව වසර 63 දක්වා සේවය කිරීමට හැකි නමුත් එම විශ්‍රාම වැටුප් සීමාවට වසර දෙකකට ප්‍රථමයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
මෙම ශල්‍ය වෛද්‍යවරයා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහුට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාරයකගේ ප්‍රතිකාර ලබයි.
2025 දෙසැම්බර් මස 18
112
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා කලින් ගෙදර යයි
ගමේ එකාලා Saturday, 20 January 2024 06:13 PM
අතේ පයේ හයිය පෙන්වන්න ගිහින් මදෑ වෙච්චි හරිය... දැන් ඉතින් නිවන් දකින්න බැරියැ...!
ajith Saturday, 20 January 2024 06:30 PM
මේ මනුස්සයා රෝගීන්ට විශාල සේවයක් කළ කෙනෙක්...!
Aruna Sunday, 21 January 2024 06:20 AM
කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකට සහ සායිකාවට දැන් පිළිකා රෝග වලට අවශ්‍ය සැත්කම් කල හැක! අද දේශපාලුවන්ගේ පස්සේ ගොස් රැකියා ගත් මෙවැනි පුද්ගලයන් සහ වුර්තීය සමිති කාරයෝ ආයතනික විනය විනාශ කරනවා.