
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනක් ආ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මහජනතාවගෙන් එල්ල වූ විරෝධයක් හේතුවෙන් අතර මගින්ම හරවා යෑමට සිදු වූ බව වාර්තා වේ.
මහජනතාවගෙන් එල්ල වූ විරෝධය නිසා රාජ්‍ය ඇමැතිවරයා දළුව හන්දියට පමණක් පැමිණ පසුව ආපසු ගොස් ඇත.
ලෝක ආධාර මත ක්‍රීයාත්මක වන අන්තර්ගතිකව ක්‍රීයාත්මක වන සංවර්ධන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයෙ දළුව නිර්මලපුර නාවක්කාඩු ඇතුළු මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනට මෙසේ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමල් චින්තක මායාදුන්න මහත්වරුන් එක්විමට නියමිතව තිබී ඇත.මේ සම්බන්ධයෙන් ගම්වාසින්ට ලැබුන තොරතුරක් මත එයට ගම්වාසිහු දැඩි විරෝධයක් එල්ල කළහ.
දළුව ගම්වාසින් නිර්මලපුර කතෝලික දෙවස්ථාන භුමියෙ රැදි සිටිමින් පැමිනි නිළධාරීන් සමග සාකච්ඡ පවත්වා ඇති අතර රාජ්‍ය නිලධාරීන්ට සංවර්ධන වැඩවලිදී බාධා නොකරන බවත් දේශපානාඥයන් ඊට සහභාගීවීමට විරෝධය දක්වා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මේ පුත්තලමේ ඔක්සිජන් නිශාන්තනේ. ඔහොම යන්..., තව ටික දුරයි..., මතිවරණේ ළඟම එනවා දළුව හන්දියෙන් සදාකල් ගෙදරම යන්න. දළුව ගම්මානයේ ජනතාවට අපගේ ප්‍රණාමය...!
නියමයි. ඔක්සිජන්ට දුවන්න දෙන්න පුත්තලමේ ජනයා සැදී පැහැදි ඉන්නවා..
පුත්තලම දලුව ගමේ ජනතාවට අපේ හිස නමා කරන ප්‍රනාමයයි මේ. ඔබලා වැනි නිර්භීත මිනිසුන් රටට අවශ්‍යම මොහොත දැන් පැමින තිබේ. ඉදිරියටම යන්න.
පුත්තම් බූරුවා දැනගන්න ඕනේ, ලංකාවේ බත් කන මිනිස්සු ඉන්නේ කියලා.
රජයේ මුදල් වැයකර සංවර්ධන වැඩක් ආරම්භ කරන්න ඇමති එන්නෙ මොකටද එම වැඩ ටෙන්ඩර් පරිපාටිය අනුව කරන්න ඕන ඉතින් ඇමතියා ටෙන්ඩර්කරු නොවෙයි නම් මොන කෙංගෙඩියකටද එතනට ආවෙ කියලා අහන්න කැමතියි එහෙම ආවමත් ඒකට රජයේ ඉන්ධන සමග රියදුරු අතිකාල ගමන් වියදම් ගෙවන්න වෙන්නෙ රජයේ මුදල් තමයි එහෙම ගොබ්බ වැඩ කරන හැම එකාටම ඔහොම වෙන්න ඕන ජනතාවට ජයවේවා බොහොම කාලෙකට පෙර හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙක් හමුවෙන්න ගමේ පිරිසක් ගියේ අදාල ඇමති ලබාදුන් මුදලින් ඉදිකල පාසල් ගොගනැගිල්ල විවෘත කරන්න එන්න කියලා (එම ඇමති එජාපයේ දැනට දේශපාලන ක්‍රියාවල නැති වයස්ගත හිටපු ආණ්ඩුකාරයෙක්.) ඉතින් ගියපු පාක්ෂිකයන්ට කියලා තියෙන්නෙ බොරු ශෝබන නොකර හා කාලය ශ්‍රමය හා ධනය නාස්ති නොකර ගමේ කෙනෙකුට නැත්නම් ගුරුවරුන්ට ඕකෙ දොර ඇරගන්න බැරිද කියලා තමයි
පුත්තලමෙත් ඉන්නවා දැනුවත් මිනිස්සු... රට පුරාම ඔයවැඩේ කරන්න ඕන.ඔය සල්ලි දේශපාලුවන්ගේ නොවන බව ජනතාව දැනුවත් වෙන්න ඕන .
දළුව ගම්වාසිනි ඔබ ශ්‍රේෂ්ඨයි. මේවට යොදන්නෙ සනත්ගේ පුද්ගලික බූදලය නොවෙයි. ජනතාවගෙ සල්ලි. ඊළඟ ඡන්දෙදි මුන් ටික පන්නා දමන්න එකාමෙන් පෙළ ගැසෙමු.
ජනතාව දැන් දැනුවත් වෙමින් ඉන්නෙ, සැබෑ තත්වය තේරුම් ගනිමින් ඉන්නවා. ඉස්සර ගමේ, පලාතේ සංවර්ධන කාර්යයකට තමන්ගේ පලාතේ ඇමති හෝ මංත්‍රී එන තුර මග බලාගෙන හිටිය මිනිසුන් දැන් එන බව ආරංචි උනාම පනින්න ලැහැස්ති වෙනවා. දූෂිත දේශපාලුවන් හොරුන්ට මිනිමරුවන්ට සලකන සලකන විදිහට දැන් හොදටම දන්නවා.රටේ අනාගතයේ සුබ වෙන බවට ලකුණු තමයි මේ පෙන්වන්නේ !
මේවා කැම්පස් පන්නයේ සංවිධානාත්මක මැර ක්‍රියා
කෝ මේ සත්ව හිංසනයට විරුද්ධ අය...?
හැම තැනදිම බලන්නෙ හොරකම් කරන්න, පරයො එන්නෙ තඩි වාහන වල අපේ බදු ගහන සල්ලි වලින් මුන්ට පඩි ගෙවනව, රියදුරාටත් පඩි අපෙන් තෙල් හදන හැම පාරකටම ගොඩනැගිල්ලකටම මුන්ගෙ නම දානව හරියට මුන්ගෙ අප්පගෙ අම්මගෙ සල්ලි වලින් කරපු වැඩක් වගේ , . පුත්තලමෙ මිනිසුන්ට තිබුනෙ මුන්ට තඩිබාල එලවන්න ,පව් කාර හැත්ත
ජනතාව රවට්ටලා බලයට ඇවිත් මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත දේසපාලුවෝ හැම එකාටම ඔහොම තමා කරන්ඩ ඕනේ?
දැන් ලොක්කෝ වගේ ඇමතිතුමාව එළවා ගත්තාම සංවර්ධන ව්‍යාපෘතිය පටන් ගන්නේ නෑ කියලා මේ ගොන් වාහේලට තේරෙන්නේ නෑ
ජෙප්පෝ දෑනටම චන්ඩි වෙලා…. මුන් හෑමදාම තර්ජන ගර්ජන කෑපිලි කෙටිලි තමා….. JVP Thugs
ඔන්න නියම වැඩ. සාමාන්‍ය ජනතාව කාලකන්නි දේශපාලුවන්ට මේ විදියට විරුද්ධ වෙනවා කියන්නෙ, එය ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් බුද්ධිමත්ව ඉතා හොඳ තීරණ ගනීවි යැයි හැඟේ.
රටේ මිනිස්සුන්ට බෙහෙත් නැහැ.., කන්න නැහැ, මොවුන් වැට් ගහලා එකතු වෙච්චි සල්ලි ටික කොන්ත්‍රාත්කරුවන් එක්ක එකතු වෙලා පිල්ලි ගහන්න හදනවා. හොඳ වැඩේ... ගල් පාරක් දුන්නේ නැතිද?
බූරු පුතාව එලවා පන්නාගත් පුත්තලමේ විරෝදාර ජනතාවට මගේ ආචාරය. මහා ගල් ප්‍රහාරයකුත් එල්ලකලානම් කතන්දරේ තවත් සුන්දර වෙන්න තිබුනා.කමක් නැහැ,දැනට මේ ඇති.ඊළඟ සැරේ " දුර දිග ගල් ප්‍රහාරයක් " එල්ල කරන්න.
පුත්තලම ජනතාවට ජය වේවා