IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ  ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති සහ රෙගුලාසි ගෙන එන්නේ  අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල විනිවිදභාවය ආරක්ෂා කරමින්  බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre-Franche මහතා අමතමින් පැවසීය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක සහ අධිකරණ ඇමතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේ දී අද(19) පැවැති අතර ලෝකයේ රටවල යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ කාලයේදී එක්සත් ජාතීන්ගේ මානසිකම් කොමිසමේ අත්දැකීම් සම්බන්ධයෙන් සම්බන්ධීකාරකවරයා ඇමතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.  

ඉදිරියේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපදේශයන් සහ මග පෙන්වීම් වඩාත් වැදගත් වන බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.



අදහස් (2)

අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

බද්රානි Friday, 19 January 2024 05:20 PM

කවුරු මොන විදිහේ මාර්ගෝපදේශ දුන්නත්, මේ රට පාලනය කරන අමනයින්ට ඕනෑ ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටක් මේක... අධිකරණයෙන් මිනීමරුවන්ට දඬුවම් දුන්නාම, ජනාධිපති සමාව යටතේ නිදහස් වී ජනාධිපති උපදේශක තනතුරුත් දෙන රටක් මේක... රජයට ආදායම් ලැබෙන ව්‍යාපාර පෞද්ගලික අංශවලට දීලා ඒ ලැබෙන ලාභයෙන් කප්පන් ලබාගෙන ඒ තක්කඩි ව්‍යාපාරිකයින් වෙනුවෙන් පෙනී සිටින තක්කඩි දේශපාලකයින් ඉන්න රටක් මේක... ජාතික ආරක්ෂාව ගැන තප්පුලමින් ත්‍රස්තවාදීන්ට වැටුප් ගෙවපු රටක් මේක... ඔය කවුරු මොන විදිහේ කයිවාරු ගැහුවත්, ඇත්තටම බල්ලන්ටම ගිය රටක් මේක...

:       1       10

විපරමා Saturday, 20 January 2024 04:24 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඩීල්දාස කියන්නේ නිකම්ද ? දූෂිත දේශපාලුවන්ට ඕන ඕන විදියට තමා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site