IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු සෙබළා ඝාතනයට සහාය දුන් දෙකක් සැකපිට

(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් ලෙස පවසමින් පැමිණ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසක සිටි හිටපු යුද හමුදා සෙබළකු පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධියට අනුබල දුන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

ඩුබායි හි සැඟව සිටින මනුෂ්‍ය ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් සිදුකළ අපරාධකරුවකු වන මනෝජ්මුතු කුමාර හෙවත් "මුතුවා" නොහොත් ව්‍යාජ නමකින් පෙනී සිටින ධනුක අමරසිංහ නොහොත් එම්.එම්.ටී. නමැත්තාගෙන් අදාළ ඝාතනය සිදුකිරීමට මුදල් ලබාගත් පුද්ගලයන් දෙදෙනකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන සිටින පළමු සැකකරු වන කඩුවෙල කරතට ගලබඩ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි තරුණයාට අදාළ පාතාල ක්‍රියාකාරිකයා‍ෙ මෙම ඝාතනය  සඳහා රුපියල් පනස් දාහක මුදලක් ගිණුම් ගත කර ඇති බවත් එම මුදල ලබා ගත්තද අදාළ ඝාතනය සිදුකිරීම සැකකරු ප්‍රතික්ෂේප කර ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් දෙවන සැකකරු වන හංවැල්ල දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 19 හැවිරිදි තරුණයාගේ බැංකු ගිණුම වෙතද රුපියල් විසි දහසක මුදලක් අදාළ පාතාල ක්‍රියාකාරිකයා බැර කර ඇති බවත් එලෙස එම මුදල බැර කර ඇත්තේ අදාළ ඝාතනයට අවශ්‍ය ගිනියවී රැගෙන යාමට කටයුතු කිරීම සදහා බවත් අනාවරණය වී ඇත.

එහෙත් එම සැකකරු විසින් ගිනි අවිය රැගෙන යාම ප්‍රතික්ෂේප කර ඝාතනයට ලක් වූ බුද්ධික ප්‍රසාද් පිළිබඳව ඔත්තු බලා පාතාල සාමාජිකයා වෙත දැනුම් දී ඇති බවද අනාවරණය වූ බව නවගම පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

බුද්ධික ප්‍රසාද මාලබේ තුන්අදහේන දෙල්ගහවත්ත මහවෙල අසල පාලමක් මත ට රැගෙන ගොස් බිම නිදි කරවා මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවියකින් හිස ප්‍රදේශයට වෙඩි තබා ඉකුත් 11 වෙනි දින සැකකරුවන් පලා ගොස් තිබුණි.

අදාල ඝාතනයට සම්බන්ධ බව කියන යතුරුපැදිය සේදවත්ත පාලම අසල දමා ගොස් තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබුණි.

 



අදහස් (0)

හිටපු සෙබළා ඝාතනයට සහාය දුන් දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 112 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site