IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් ප්‍රාථමික මට්ටමේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.

එසේම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ළඟා වී නොමැති බවද පීටර් බෲවර් මහතා පැවැසුවේය.එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය අදායම වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දේපල බද්ද ශ්‍රී ලංකාවට සහාය වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළේය.

 



අදහස් (8)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් ප්‍රාථමික මට්ටමේ

සිල්වා Friday, 19 January 2024 02:06 PM

එහෙනම් එන පොට හොඳ නෑ. ආර්ථිකය ස්ථාවර කරන්න තවතවත් බදු පැනවීම් සිදු කරන්න වෙනවා...!

:       3       29

බද්රානි Friday, 19 January 2024 02:45 PM

ලංකාව කියන්නේ හොර කල්ලියක් විසින් ජනතාව ග්‍රහණයට ගෙන පාලනය කරන රටක් බව මොවුන් දන්නේ නැද්ද..? ජනතාවට ඔරොත්තු නොදෙන බඩු මිල හා බදු ගැන මේ දූත මණ්ඩලයට අවබෝධයක් නැද්ද..? ඔය කියන මහත්තුරුන්ගේ රටවල් වලත් ජනතාවගේ බෙල්ල මිරිකලා බදු අයකරගෙනද ආර්ථිකය නගා හිටුවන්නේ..? රටේ ජනතාව හිඟන්නෝ කරලා රටේ පාලකයෝ කෙරුමෝ වගේ හැසිරෙන එකටද සංවර්ධනය කියන්නේ.? මේ රටේ අමන පාලකයින්ට අවශ්‍ය වී තිබෙන්නේ, ජනතාව හිඟන්නෝ කර ඔවුන් වැජඹීම පමණයි... හැබැයි මේ මොනවා කීවත් මේ රටේ එවුනුත් හිතාගෙන ඉන්නේ ලෝකෙට ලොක්කෝ කියලානේ... ඒ නිසා මොවුන්ව කිරි හොද්දට බස්සන එකත් වැරදීම නැහැ...."කන්න නැතත් ඉන්න රටක්" ඉල්ලපු මෝඩ උද්දච්ඡයෝ ඉන්න රටක්නේ මේක..

:       6       33

සිල්වා Friday, 19 January 2024 04:33 PM

ඔය මහත්වරුන්ගේ රටවල් දියුණුවෙලා තියෙන්නේ අපි වගේ ආසියානු සහ අප්‍රිකානු රටවල් හූරා කාලා. මංකොල්ල කාලා...

:       7       11

Amal Friday, 19 January 2024 03:10 PM

පොඩ්ඩක් ඉන්න හලෝ. තාම පටන් ගත්තා විතරයිනේ... 2048ට තව ගොඩක් කල් තියෙනවානේ !!! අපි ආර්ථිකය ද්වීතියික මට්ටමට පත් කිරීමේ ක්‍රියාවලියට අත ගහන්නේ ලක්ෂ 100ක ජනවරමෙන් පස්සේ !!! හැබෑට ඒක තේරෙන්නේ නැද්ද ඔය ටිකිරි මොලේට?

:       3       22

Kazi Shajahan Friday, 19 January 2024 03:14 PM

ඔයාලා අන්ද අන්ද අපිට තමයි කරදරේ... රනිල් මොනවා හරි ටැක්ස් එකක් ගහයි.

:       3       19

ravin Friday, 19 January 2024 03:40 PM

කිසිම මට්ටමක නැති ආර්ථිකයට කියන්නේ ප්‍රාථමික ආර්ථිකයක් කියලද? දන්නේ නැති හින්දයි අහන්නේ... ! 

:       0       5

kamal Friday, 19 January 2024 05:25 PM

ඕක හින්දා තමයි කබ්රාල් උන්නැහේ ඔය IMF එකට යන්න එපා කිව්වේ...!

:       13       3

Rohana Saturday, 20 January 2024 09:32 PM

මසකට USD 10000 ට වැඩි වැටුපක් ලබන සහ වෙනත් මූල්‍ය වරප්‍රසාද ලබන IMF නියෝජිතයෙක් හිගන රටක හිගන්නන්ගෙන් වැඩි වැඩියෙන් බදු අයකරන ලෙස රජයට යෝජනා කරයි. මෙහි කිසිදු සාධාරනයක් නැතිබව මේ මොලවලට තේරෙන්නෙ නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site