IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උගන්ඩා ජනපතිගෙන් රනිල්ට ලොකු සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වයට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා උගන්ඩාවේ දී පැවසීය.

තම ආරාධනය අනුව උගන්ඩා නිල සංචාරයට එක්වීම පිළිබඳව මුසෙවේනි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සතුට පළ කළේය. 

ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටින බවයි. 2024 වසරේ නව වර්ධනයක් සමඟ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.



අදහස් (6)

උගන්ඩා ජනපතිගෙන් රනිල්ට ලොකු සහතිකයක්

Prabha Sunday, 21 January 2024 12:23 PM

නොදන්න මගුල් කතා නොකර ඉන්න ...!

:       0       1

Pradeep Kumara Sunday, 21 January 2024 12:50 PM

යොවේරි මුසෙවේනි මහත්තයෝ..., මට තේරුනේ නෑ, වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන්නා කියලාද කිව්වේ? අපි එතකොට ඉන්නේ ලංකාවේ නෙමෙයිද?, එහෙමත් නැත්නම් රනිල් වික්‍රමසිංහ වෙන ශ්‍රී ලංකාවක් නගා සිටුවලාද?

:       0       1

nanda Sunday, 21 January 2024 01:18 PM

බොරු කයිවාරු... මේ රටේ බහුතරයක් බඩගින්නේ... ජනතාවගේ සහතිකයක් තියෙනවද?

:       1       1

ranjith Sunday, 21 January 2024 01:20 PM

වර්තමානයේ පවතින ජීවන වියදම මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමා පිළිගන්නේ යැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

:       0       1

සමන් Sunday, 21 January 2024 01:55 PM

ඡන්දෙන් පස්සේ රාජපක්ෂලාගේ හෝටලේක ආරක්ෂාව ඇතුව ඉන්න පුළුවන් කියන්න ඇති

:       1       3

යොවේරි මුසෙවේනි Sunday, 21 January 2024 08:35 PM

අවශ්‍යනම් හදීසියකට මහින්ද ලොක්කගෙ ඩොලර් ටිකක් දෙන්නම් කියලත් කිව්ව !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 112 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site