IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හෙරොයින් සමඟ ලංගම රියදුරු මාට්ටු

(සිසිර කැලේගම )

ඇල්ල මාර්ග බාධකයේ දී දුර ගමන් සේවා බස් රථ පරික්ෂා කිරීමේදි අනුරාධපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරු අසුන ආසන්නයේ තිබි හෙරොයින් සමගින් බස් රථය රියැදුරු අත් අඩංගුවට ගෙන තිබේ.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලීසිය, විශේෂ කාර්ය  බලකාය හා පොලිස් නිල සුනඛ අංශය එක්ව  මෙම වැටලීම සිදු කෙරිණ.

කොළඹ සිට අනුරාධපුර බලා ගමන් ගත් බස් රථය නවතා මගීන් බිමට බස්සවා මගින් හා ඔවුන්ගේ ගමන් මලු පරික්ෂාවට ලක් කොට පසුව බස් රථය ඇතුලත පරික්ෂා කිරීමේ දී රියැදුරු අසුන ආසන්නයේ ඇති ඩෑස් බෝඩය මත තිබි ඔතා තිබෙන පාර්සලයක් හමු වී ඇත.

ඉන් අනතුරුව එය පරික්ෂා කිරීමේ දී සුදු පැහැති ෂොපින් දවටනවල ඔතා තිබෙන හෙරොයින්වලට සමාන පැකට් 273 ක් හමු වු අතර පොලිස්  කණ්ඩායම එය කිරා බැලීමේදී ග්‍රෑම් 143 කින් යුත් බරක් එහි තිබු බව පොලීසිය  සදහන් කළේය.

ඒ අනුව බසයේ රියැදුරු ලෙසට කටයුතු කළ රාජාංගනය, වම් ඉවුර ප්‍රදේශයේ පදිංචි  අයෙකු සැකපිට  අත් අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

හෙරොයින් සමඟ ලංගම රියදුරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site