
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ධර්මපාල හේරත්)
අංක තහඩුව වෙනුවට "පරුෂ වචනයක්" ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචි (18) හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය කියයි .
බොරලැස්කමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු බොරලැස්ගමුව නගර මධ්‍යයේ අද උදෑසන රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු ලෙස මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පිළිබදව විමසිලිමත්වීමේදී එම යතුරුපැදිය පොලිස් නිලධාරීන් පසු කරනවාත් සමගම එහි පසු පැදිකරු පිටුපස අංක තහඩුව දෑත් වලින් වසා ගනු දැක තිබේ .
ඒ පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතාලන ලෙසට සංඥා කළත් එය නොනවත්වා ධාවනය කිරීම නිසා පසුපස හඹා ගොස් පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව නිවැරදිව ප්‍රදර්ශනය කර තිබූ අතර පිටුපස අංක තහඩුව වෙනුවට ඉංග්‍රීසි අකුරෙන් පරුෂ වචනයක් ලියා සවිකර තිබෙනු දැක තිබේ.
ඒ අනුව යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සමග යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී එහි අංක තහඩුව ගලවා ඒ වෙනුවට පරුෂ වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා මෙසේ ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇත්තේ විනෝදයට බව පොලිසියට පවසා තිබේ.
මෙම තරුණයින් දෙදෙනා අවස්ථා කිහිපයකදී බොරලැස්ගමුව නගරය හරහා මෙසේ යතුරුපැදිය ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුවන් දෙදෙනා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.කො (70870) ජගත් (98537) දළුවත්ත ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.
(ඡායාරූප: ශාන්ත කුලරත්න )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පරුෂ වචනයක් නොවේ. පාර්ලිමේන්තුවේත් භාවිතා වෙන වචනයක්...!
මේ වගේ අය තමයි අනුර පස්සේ යන්නේ... හරක්...!
2000 පස්සේ ආපු මී හරක් දැන් ඉන්නේ. උන්ගේ මොළේ කුරුවල්වෙලා. මෝඩයෝ කියන්නේ මෙහෙමත්....
අනේ ලාල්, ඔයා කියන්නේ එතකොට අනිත් අයගේ පස්සේ යන්නේ සුපිරි මොලකාරයෝ කියලද? තව අවුරුදු මිලියනයකින්වත් ලංකාව හැදෙන්නේ නෑ.
මිනිස්සු හිනස්සලා කැපී පෙනෙන්න දඟලන මෝඩයින්...
ලංකාවේ ඉන්නේ කිසිම වරදක් නොකරන හරිම සුද්ද වන්තයෝ කියලා හිතාගෙන ඇති.
ඉංග්‍රීසි අකුරුවලින් ලියා ඇති බැවින් නඩු පැවරිය කැක්කේ පිටිපස අංක තහඩුවක් නොමැතිව ධාවනය කිරීමේ වරදකටයි. ඔය කියන පරුෂ වචනය සඳහා නඩුවක් ගොනු කළ නොහැකි බව මගේ හැඟීමයි.
අම්මපා මම නම් සන්තෝස වුණා රාලාහාමිලාගේ ගිනි අවියක් ස්වයංක්‍රීයව පත්තු නූන එක ගැන....!
අංක තහඩුව නැතුව පැදවීම වැරදියි. ඒත් පරුෂ වචනයට නඩු දාන්න බෑ... පාර්ලිමේන්තුවේත් පාවිච්චි කරපු ශිෂ්ඨ වචනයක් නිසා... බන්ධුල ගුණවර්ධන එය හොඳ වචනයක් බව පෙන්වනවා... යූටියුබ් එකේ තියෙනවා.
මොකක්ද ඔය පරුෂ වචනේ... මට ඉංග්‍රීසි භාෂාව පුළුවන්... නමුත් මෙහෙම වචනයක් අහලා නැහැ.
ලංකාව කියන්නේ මාර ආතල් රටක්...!
වැඩේ හරි නෑ. නමුත් මේ අවුරුදු 18 එවුන් දෙන්නෙක්ගේ වැඩක්. ඔයා වයස පසු කරපු දැන් ඉන්නා වැඩිහිටි පිරිමි අය පොඩ්ඩක් මතක් කරන්න ඔබලාද ඔය වයසේදී පෙරළා ගත් බාල්දි. වැරැද්ද නිවැරදි කරන්න නමුත් වැරැද්දේ තරමට දඬුවම් දෙන්න.