IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජොන්ටි රෝඩ්ස්ගේ සේවය නැවතත් ශ්‍රී ලංකාවට

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට වැඩිදුර පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයන් තිදෙනෙක්ගේ සේවය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි යන මහත්රුන්ගේ සේවය ද ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
මෙම ප්‍රවීණයන් තිදෙනා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් විවිධ ප්‍රදේශවල විශේෂ පුහුණු වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.  



අදහස් (3)

ජොන්ටි රෝඩ්ස්ගේ සේවය නැවතත් ශ්‍රී ලංකාවට

Prabha Thursday, 18 January 2024 11:06 PM

කවුරු ගෙනාවත් මේ වැඩබැරි ටාසන්ලා එක්ක මොන ක්‍රිකට්ද?

:       2       4

Pradeep Kumara Friday, 19 January 2024 09:38 AM

අවාසනාවකට අපේ රටේ සිටි සුපිරි පන්දු රකින්නන් වන රොෂාන් මහානාම, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් චන්දන වැනි ක්‍රීඩකයින් ගැන ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවෙලා නෑ. උපුල් නම් දැන් යමක් කරමින් ඉන්නවා.

:       2       8

Mahinda H de Silva Friday, 19 January 2024 12:09 PM

ඉහත තනතුරු සඳහා විදේශිකයන් වඩාත් සුදුසු වේ

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site