
(ගයාන් සූරියආරච්චි, හේමලතා ඩී.හේවගේ සහ සිසිර අබේකෝන්)
අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අණ නොතකා ධාවනය කළ ලොරි රථය පිටුපස පැන්නූ අවස්ථාවේ ලොරි රථ රියදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියත් සමග කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් නිසා පොලිසියේ දේපළවලට හානි සිදුව ඇතැයි ද වාර්තා වේ.
මෙම වෙඩි තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් නාරම්මල පොලිසිය වටකර දේපළවලට හානි කර ඇති බව එම උසස් නිලධාරියා කීය.
සිවිල් ඇඳුමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබේ.
එම අණ නොතකා ලොරි රථයේ රියදුරු නොනවත්වා ලොරිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ලොරි රථය හඹා ගොස් ලොරිය නවතා ඇති අතර රියදුරු බියගැන්වීමට පිස්තෝලය ගත් අවස්ථාවේදී එය පත්තු වී රියදුරු එතැනම මියගොස් ඇති බව උසස් නිලධාරියා පැවසීය.
එම අවස්ථාවේදී එතනට රැස්ව සිටි ප්‍රදේශවාසීන් උප පොලිස් පරීක්ෂකවරයාට සහ කොස්තාපල්වරයාට දැඩි විරෝධය පළ කරමින් කලහ්කාරී ලෙස හැසිරී ඇති අතර නාරම්මල පොලිසිය වට කරමින් ගේට්ටු කඩා බිඳ දමා දේපළවලට හානි කර ඇතැයි එම නිලධාරියා කීය.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවූ බවත් උසස් නිලධාරියා කීය.
ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ හිතා මතා වෙඩි තැබූ බවයි.
(ඡායා හේමලතා ඩී.හේවගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් ඇදුමෙන් ඉද්දී කිසිම කෙනෙක් වාහන නතර කරන්නේ නැහැ. මංකොල්ල කාරයෝද කියලා මිනිස්සු හිතන්නේ. පොලිසියට මොලයක් නැත්ද. අනික බය කරන්න පිස්තෝල පෙන්නන්න ඕනද ඇයි හැදුනුම්පත් නැත්ද පෙන්නන්න. මේවා ඔක්කොම මැරුවට පස්සේ කියන බොරු රගපෑම්. පොලිසියට ඕනෑවට වඩා බලේ දුන්නහම පේනවනේ වෙන දේ. ඕක කරන්න තමයි මේ ටිකේ පොලීසිය රගපෑවේ
අපේ රටේ පොලිසිය කොහොමත් මේවනවිට ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්වෙලා හමාරයි. මේ ඔක්කොම කුණු වැටෙන්නේ රජයටයි. ජනාධිපති මේගැන වහාම සුදුසු ක්‍රියාවක් නොගන්නේ නම් මිනිස්සු බඩගින්නේ මැරෙන්න හරි මෙදාපාර චන්දෙදි ත්රිරනය්ක් ගනීවි . පොලිසියයි පාතාලයයි අතර වෙනසක් මෙතැනදී පෙනෙන්නේ නැහැ .
සිවිල් ඇඳුමින් හිඳගෙන වාහනයකට නවත්වන්න අණ දෙන්නේ කෙසේද? වාහනයකට නවත්වන්න අණදෙන කෙනා නිල ඇඳුමින් සිටිය යුතුයි. මෙය නම් සිතාමතාම කරනලද මිනීමැරුමකි.
පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමෙන් හිටියානම්, ලොරි රියදුරා අණ නොතකා ධාවනය කළා කියන්නේ කොහොමද?
ගිනි අවිය පත්තු වුනේ ඔලුවටම එල්ලුවාමද ?මේ බල්ලෝ සිවිල් ඇඳුමින් නොවේද සිටියේ ?මේකද අවම බලය
සාමාන්‍ය වැසියෙකුට නිල ඇඳුමින් නොසිට වාහනයක් නවත්වන ලෙස පොලිසිය නියෝග කරන්නේ කෙසේද? යුනිෆෝම් නැති නාඳුනන කෙනෙක් නවත්වන්න කිව්වම අපි නවත්වන්නේ ඇයි? එවැනි අවස්ථාවක කළ යුතු හොඳම ආත්මාරක්ෂාව නතර නොකිරීමයි. නිල ඇඳුමින් නොසිටින පොලිසිය සිවිල් වැසියෙකුට ආයුධයක් එල්ල කරන්නේ කෙසේද?
සිවිල් ඇදුමෙන් සැරසී සිටිමින් වාහනයක් නවතන්න කියනකොට මංකොල්ලකාරයො කියලා හිතන්නේ නැද්ද මෙතනත් එහෙම වෙලා ඇති සාමාන්‍යයෙන් යුනිෆෝම් එකක් දෙන්නෙ මොකටද ඒක නොඇද රාජකාරි කරන්න යන්නෙ කොහොමද මේවා බලන්න ඕන දේවල් තමයි
සිවිල් ඇඳුමින් මොන රාජකාරිද .ගිනි ඇවිත් අතේ අරන් .එක්කෝ හොරකමේ යන ගමන් ,එක්කෝ පගාවක් ගන්න හිතන් නවත්වන්න ඇති .රහස්පොලිසියෙත් නෙමේ නම් කොහොමද ගිනි අවි අරන් වාහන නවත්වන්නේ .අඩු තරමින් නිල ඇඳුමින් සැරසුණු නිලධාරියෙක් වත් එතන නැතුව .මට පෙනෙන්නේ සුදු වෑන් කාරයෝ ටිකක්ද කොහෙද ?
වාහනයක් නතර කරේ නෑ කියලා පොලිසියට මනුස්සයෙක්ට වෙඩි තියන්න ඇති බලය කුමක්ද. නීතියේ තියෙන්නේ අවම බලය පාවිච්චි කළ යුතුයි කියලා. මනුස්සයෙක්ට මැරෙන්නෙ වෙඩි තැබීම අවම බලයද අඩු ගානේ වාහනේ රෝද වලටවත් වෙඩි තියලා උත්සාහ කරන්න ඕන වාහන නවත්වා ගන්න. මෙය තනිකර මනුෂ්‍ය ඝාතනයක්.
සිවිල් ඇඳුමින් මෝටර් සයිකල් එකක ඇවිල්ල වාහනේ නවත්තන්න කිව්වට පිලිපදින්නේ කවුද මේ කාලේ. පොලිසියට පිස්සුද? ලොරියේ ඩ්‍රයිවර් කිසිම වරදක් කරලා නැහැ. පොලිසිය 100% වැරදියි.
ඇයි ""පොලිසිය අතින් වෙඩි වැදි"" කියන්නේ?
පොලිසිය හැමවිටම කියන්නේ මිනීමැරීමේ අරමුණින් සිදු නොකළ බවයි.
පොලිස් ඇමති සහ පොලිස්පති දැන් චන්ඩි වගේ නේ මීඩියා වල හැසිරෙන්නේ.කතා කරන්නේ .ඉතින් පොලිස් පොද්දොත් දැන් බය නැහැ .ඕන වැඩක් කරනවා .දැන් නීතිය නවනවා නෙමෙයි ,නීතිය කලාම දානවා .අනේ මිනිස්සුන්ට වට වදිනවා ,වෙඩි වදිනවා ,බඩට වදිනවා ,මේ කාලකන්නි ඉක්මනටම පන්නලා දාන්න ඕන සියලු ජනතාව ආරක්ෂාකාරී වෙලා
ටයර් ඉලක්ක කරන්න
උසාවියෙනුත් වැරදිකාරයෙක් කරපු දේශබන්දු වගේ එකෙක්ගෙ නම හදන්න අහින්සක මිනිස්සු බිලිගන්නව මේ යුත්තියක් කියල එකක් දාගන හරිනම් පොලීසියෙනුත් එලවල දාන්න ඕනෙ එකෙක් ඔය දේශබන්දු කියන්නෙ.
සිවිල් අදුමින් සිටින පොලිස් නිළධාරීන්ට වාහන නවත්වා පරීක්ෂා කල හැකිද? ලොරි රථයේ රියදුරා ඔවුන් පොලීසියේ බව නොදැන (මංකොල්ල කරුවන් පිරිසක් යැයි සිතා) නොනවත්වා ධාවනය කලා වෙන්න බැරිද?
පොලීසිය සිවිල් ඇදගෙන වාහන වලට අත දික්කලාම නවත්වන්න ඕනේ. නැත්නම් වෙඩි තියලා මරණවා. රටකට ගිය කලක්…..
වෙඩි තුනක් වැරදීමකින් වදින්න ඒක මැෂින් ගන් එකක් වත් ද? අනේ මෙහෙමත් පචයක්වත් ගොතා ගන්න බැරි බුද්ධිමතුන්!!! වෙන රටවල පොලිසියට ගන්නේ උගත් බුද්ධිමත් අය, සවි සම්පන්න අය. අපේ හරක් මැෂින් වලට මැෂින්ගන් තුවක්කු විතරයි අඩු. මමත්වය, ලොකු කම ඉහවහා ගිහින්. ලොකුම ලොක්කගේ ඉදන් එහෙමනේ. මිනිස්සුන්ට බිය ගන්වන්න තුවක්කු පෙන්වද්දි වෙඩි තුනක් යන්න විදිහක් නෑනෙ. දරුවො තුන් දෙනා අපරාධකාරයෝ වෙලා උඹලව කවද හරි මරලා දාවි. එදාට යමපල්ලන්ගෙන්වත් වැඩක් හරියට කරන්න ඉගෙන ගනිව්.
රෑ නොනවත්වා දාවනය කල කියල බොරු කියල රියදුරන්ගෙන් සල්ලි ගන්න පොලිස් සෙට් එකකුත් ඉන්නවා ඔය ලඉන් එකේ
මේ යන විදිහට ආණ්ඩුවෙන් විතරක් නෙමේ, පොලීසියෙනුත් රට බේරා ගන්න වෙයි වගේ.
සිවිල් ඇදුමින් අත දැම්මම ලොරිය නවත්තන්න ඩ්‍රයිවර්ට පිස්සුවක් ඇතිද?
"සිවිල් ඇඳුමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබේ." අත දැම්මෙ පොලිසියෙන් ද නැත්නම් මංකොල්ල කාරයොද කියල ලොරියෙ මනුස්සය දන්නෙ කොහොම්ද? ලොරිය නවත්තන්න කිසිම හේතුවක් මම දකින්නෙ නෑ. රජකාරියක් නම් ඒ විදියට වෙන්ඩ ඕනෙ. නැත්නම් ගෙදරයන ගමනුත් අත දාල නවත්තන්න කියයි. මාර කෙළියක්නෙ මේක. මේ ගොබ්බ වැඩේ කරපු අයට දඬුවම් කළයුතුමයි.
මෝටර් රථ වාහන පනතට අනුව පොලිස් නිලදාරියා යනු නිල ඇදුමෙන් සැරසි සිටින අයකුය. මොවුන් හිතා මතාම චේතනාත්මකවම මනුෂ්‍ය ගාතනයක් කර ඇත
පේන විදියට කට්ටිය මොකකට හරි සූදානම් වෙනවා. සාමාන්‍ය මිනිස්සු ගැටුමකට පොළඹව ගන්න හදනවා වගේ. ඊටපස්සේ පුලුවන් ඒවා දඩමීමා කරගෙන සමහර පක්ෂ තහනම් කරන්න. ඡන්දෙ නොතියා ඉන්න
පොලිසියේ අයට ඔක්කොටොම කලින් පිස්තෝල අවි පරිහරණය කරන්නේ කොහොමද කියලා අඩුම තරමේ මාසෙකට සැරයක්වත් පුහුණු කරන්න ඕන .පිස්තෝල නිකම් පත්තු වෙන් නෑනේ. මේකට සම්පුර්ණ වග කියන්න ඕන පොලිසිය
පොලිසියට නගරවල මාර්ග අවහිර කළ හැකිද? ඔවුන් නගරවල නතර වූයේ ඇයි? වාහනයේ රියදුරු සිතන්නට ඇත්තේ ඔවුන් කොල්ලකෑමට හෝ මුදල් එකතු කිරීමට උත්සාහ කරන බවයි. සාමාන්‍යයෙන් පොලිසියේ අය ඉන්නේ නගරවල.
රටේ බත් කන හරක් ඉන්නකම් පොලිසිය හදන්න බැහැ
මෙවැනි තිරිසන් රාජ්‍ය නිලධාරින්ව ප්‍රසිද්ධියෙන්ම එල්ලා මරන්න ඕනෑ. එසේ නැතිව ස්ථාන මාරුවක් දීම කිසිසේත් දඬුවමක් වෙන්නේ නැහැ.
මේ පොලිස් කාරයා සේෆ්ටි ලොක් ඇදලා තමයි... පිස්තෝලෙ අරගෙන තියෙන්නේ... ඒ කියන්නේ ලොක් ඇන්ඩ් ලෝඩ්... වැරැදිලා වෙන්න බැහැ.
තුවක්කු සමග සිවිල් ඇඳුමින් මහා පාරේ ඉන්නේ මංකොල්ලකරුවන් පමණයි...
මේක මිනීමැරුමක්...!
වීඩියෝ කරපු කෙනා නොහිටියා නම් ලොරිය කුඩු, අයිස්, ගන්ජා වලින් පිරිලා. ලංකාවටම මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා මේ මියගිය පුද්ගලයා කරගන්න තිබුණා. අපරාදේ පොලිසියේ අවාසනාව...!