IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී

(ගයාන් සූරියආරච්චි, හේමලතා ඩී.හේවගේ සහ සිසිර අබේකෝන්)

අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු  මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අණ නොතකා ධාවනය කළ ලොරි රථය පිටුපස පැන්නූ අවස්ථාවේ ලොරි රථ රියදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියත් සමග කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් නිසා පොලිසියේ දේපළවලට හානි සිදුව ඇතැයි ද වාර්තා වේ. 

මෙම වෙඩි තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් නාරම්මල පොලිසිය වටකර දේපළවලට හානි කර ඇති බව එම උසස් නිලධාරියා කීය.

සිවිල් ඇඳුමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබේ.

එම අණ නොතකා ලොරි රථයේ රියදුරු නොනවත්වා ලොරිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ලොරි රථය හඹා ගොස් ලොරිය නවතා ඇති අතර රියදුරු බියගැන්වීමට පිස්තෝලය ගත් අවස්ථාවේදී එය පත්තු වී රියදුරු එතැනම මියගොස් ඇති බව උසස් නිලධාරියා පැවසීය.

එම අවස්ථාවේදී එතනට රැස්ව සිටි ප්‍රදේශවාසීන් උප පොලිස් පරීක්ෂකවරයාට සහ කොස්තාපල්වරයාට දැඩි විරෝධය පළ කරමින් කලහ්කාරී ලෙස හැසිරී ඇති අතර නාරම්මල පොලිසිය වට කරමින් ගේට්ටු කඩා බිඳ දමා දේපළවලට හානි කර ඇතැයි එම නිලධාරියා කීය.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවූ බවත් උසස් නිලධාරියා කීය.

ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ හිතා මතා වෙඩි තැබූ බවයි. 

(ඡායා හේමලතා ඩී.හේවගේ)

 



අදහස් (35)

පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී

ඉන්දික Friday, 19 January 2024 12:25 AM

සිවිල් ඇදුමෙන් ඉද්දී කිසිම කෙනෙක් වාහන නතර කරන්නේ නැහැ. මංකොල්ල කාරයෝද කියලා මිනිස්සු හිතන්නේ. පොලිසියට මොලයක් නැත්ද. අනික බය කරන්න පිස්තෝල පෙන්නන්න ඕනද ඇයි හැදුනුම්පත් නැත්ද පෙන්නන්න. මේවා ඔක්කොම මැරුවට පස්සේ කියන බොරු රගපෑම්. පොලිසියට ඕනෑවට වඩා බලේ දුන්නහම පේනවනේ වෙන දේ. ඕක කරන්න තමයි මේ ටිකේ පොලීසිය රගපෑවේ

:       3       155

සුනිමල් Friday, 19 January 2024 01:06 PM

පළාත් සභා වලට පොලිස් බලතල දුන්නොත් කොහොම හිටීවිද? කවුරු හෝ පළාත් සභා සඳහා පොලිස් බලතල දෙන්න හැදුවොත් විරුද්ධ වෙන්න මේක හේතුවක් වෙනවා...

:       7       46

kusum Friday, 19 January 2024 01:23 AM

අපේ රටේ පොලිසිය කොහොමත් මේවනවිට ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්වෙලා හමාරයි. මේ ඔක්කොම කුණු වැටෙන්නේ රජයටයි. ජනාධිපති මේගැන වහාම සුදුසු ක්‍රියාවක් නොගන්නේ නම් මිනිස්සු බඩගින්නේ මැරෙන්න හරි මෙදාපාර චන්දෙදි ත්රිරනය්ක් ගනීවි . පොලිසියයි පාතාලයයි අතර වෙනසක් මෙතැනදී පෙනෙන්නේ නැහැ .

:       4       76

අරවින්ද මොනරවිල Friday, 19 January 2024 11:09 AM

ඔයා කළබල වෙන්න එපා කසූන් පිං ජනාධිපති මේ ගැන වාහාම ක්‍රියා කලත් නොකලත් ජනතාව ආණ්ඩුව ගැන තීරණයක් අරන් තියෙන්නේ, මම කියන එක විශ්වාස නැත්නම්, පිලිගන්න බැරි නම් ඔයාගේ ජනාධිපතිට යෝජනා කරන්න වහාම චන්දයයකට යන්න කියලා. එතකොට ඔයාටම බලාගන්න පුළුවන් රටේ තත්ත්වය.

:       7       46

vihangaFriday, 19 January 2024 11:32 AM

ඊළඟ පාර ජනපතිවරණයට ඉල්ලන්න අදහසක් හිතේ තියනවා නම් මේ සිද්ධාලේප බන්දුවාවයි ,ටිරාන් අලස්වයි පයින් ගහලා ගෙදර යවන්න .නැත්නම් මිනිස්සු ඔබතුමාව ගෙදර එලවාවී .මොකෝ මේ රටේ ජනඝහනය කෝටි දෙකයි .අපේ සල්ලි වලින් පින් බත් ගිලින ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි ඔක්කොම උපරිම ලක්ෂ 4 ක් ඇති

:       5       37

Nimal Friday, 19 January 2024 01:52 AM

සිවිල් ඇඳුමින් හිඳගෙන වාහනයකට නවත්වන්න අණ දෙන්නේ කෙසේද? වාහනයකට නවත්වන්න අණදෙන කෙනා නිල ඇඳුමින් සිටිය යුතුයි. මෙය නම් සිතාමතාම කරනලද මිනීමැරුමකි.

:       0       34

sam Friday, 19 January 2024 01:56 AM

පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමෙන් හිටියානම්, ලොරි රියදුරා අණ නොතකා ධාවනය කළා කියන්නේ කොහොමද?

:       1       94

Sunil Friday, 19 January 2024 02:25 AM

ගිනි අවිය පත්තු වුනේ ඔලුවටම එල්ලුවාමද ?මේ බල්ලෝ සිවිල් ඇඳුමින් නොවේද සිටියේ ?මේකද අවම බලය

:       0       27

Upul Friday, 19 January 2024 05:25 AM

සාමාන්‍ය වැසියෙකුට නිල ඇඳුමින් නොසිට වාහනයක් නවත්වන ලෙස පොලිසිය නියෝග කරන්නේ කෙසේද? යුනිෆෝම් නැති නාඳුනන කෙනෙක් නවත්වන්න කිව්වම අපි නවත්වන්නේ ඇයි? එවැනි අවස්ථාවක කළ යුතු හොඳම ආත්මාරක්ෂාව නතර නොකිරීමයි. නිල ඇඳුමින් නොසිටින පොලිසිය සිවිල් වැසියෙකුට ආයුධයක් එල්ල කරන්නේ කෙසේද?

:       0       36

ප්‍රේමසිරි Friday, 19 January 2024 05:43 AM

සිවිල් ඇදුමෙන් සැරසී සිටිමින් වාහනයක් නවතන්න කියනකොට මංකොල්ලකාරයො කියලා හිතන්නේ නැද්ද මෙතනත් එහෙම වෙලා ඇති සාමාන්‍යයෙන් යුනිෆෝම් එකක් දෙන්නෙ මොකටද ඒක නොඇද රාජකාරි කරන්න යන්නෙ කොහොමද මේවා බලන්න ඕන දේවල් තමයි

:       1       68

chandima Friday, 19 January 2024 05:47 AM

සිවිල් ඇඳුමින් මොන රාජකාරිද .ගිනි ඇවිත් අතේ අරන් .එක්කෝ හොරකමේ යන ගමන් ,එක්කෝ පගාවක් ගන්න හිතන් නවත්වන්න ඇති .රහස්පොලිසියෙත් නෙමේ නම් කොහොමද ගිනි අවි අරන් වාහන නවත්වන්නේ .අඩු තරමින් නිල ඇඳුමින් සැරසුණු නිලධාරියෙක් වත් එතන නැතුව .මට පෙනෙන්නේ සුදු වෑන් කාරයෝ ටිකක්ද කොහෙද ?

:       0       23

Nipun Friday, 19 January 2024 06:43 AM

වාහනයක් නතර කරේ නෑ කියලා පොලිසියට මනුස්සයෙක්ට වෙඩි තියන්න ඇති බලය කුමක්ද. නීතියේ තියෙන්නේ අවම බලය පාවිච්චි කළ යුතුයි කියලා. මනුස්සයෙක්ට මැරෙන්නෙ වෙඩි තැබීම අවම බලයද අඩු ගානේ වාහනේ රෝද වලටවත් වෙඩි තියලා උත්සාහ කරන්න ඕන වාහන නවත්වා ගන්න. මෙය තනිකර මනුෂ්‍ය ඝාතනයක්.

:       1       51

Indhika Friday, 19 January 2024 07:08 AM

සිවිල් ඇඳුමින් මෝටර් සයිකල් එකක ඇවිල්ල වාහනේ නවත්තන්න කිව්වට පිලිපදින්නේ කවුද මේ කාලේ. පොලිසියට පිස්සුද? ලොරියේ ඩ්‍රයිවර් කිසිම වරදක් කරලා නැහැ. පොලිසිය 100% වැරදියි.

:       1       74

ලුම්බිණි Friday, 19 January 2024 07:09 AM

ඇයි ""පොලිසිය අතින් වෙඩි වැදි"" කියන්නේ?

:       0       41

Suman Udage Friday, 19 January 2024 07:48 AM

පොලිසිය හැමවිටම කියන්නේ මිනීමැරීමේ අරමුණින් සිදු නොකළ බවයි.

:       1       9

Kazi Shajahan Friday, 19 January 2024 07:59 AM

පොලිස් ඇමති සහ පොලිස්පති දැන් චන්ඩි වගේ නේ මීඩියා වල හැසිරෙන්නේ.කතා කරන්නේ .ඉතින් පොලිස් පොද්දොත් දැන් බය නැහැ .ඕන වැඩක් කරනවා .දැන් නීතිය නවනවා නෙමෙයි ,නීතිය කලාම දානවා .අනේ මිනිස්සුන්ට වට වදිනවා ,වෙඩි වදිනවා ,බඩට වදිනවා ,මේ කාලකන්නි ඉක්මනටම පන්නලා දාන්න ඕන සියලු ජනතාව ආරක්ෂාකාරී වෙලා

:       1       28

upali Friday, 19 January 2024 08:20 AM

ටයර් ඉලක්ක කරන්න

:       1       10

nalin Friday, 19 January 2024 08:22 AM

උසාවියෙනුත් වැරදිකාරයෙක් කරපු දේශබන්දු වගේ එකෙක්ගෙ නම හදන්න අහින්සක මිනිස්සු බිලිගන්නව මේ යුත්තියක් කියල එකක් දාගන හරිනම් පොලීසියෙනුත් එලවල දාන්න ඕනෙ එකෙක් ඔය දේශබන්දු කියන්නෙ.

:       0       41

Pradeep Kumara Friday, 19 January 2024 08:47 AM

සිවිල් අදුමින් සිටින පොලිස් නිළධාරීන්ට වාහන නවත්වා පරීක්ෂා කල හැකිද? ලොරි රථයේ රියදුරා ඔවුන් පොලීසියේ බව නොදැන (මංකොල්ල කරුවන් පිරිසක් යැයි සිතා) නොනවත්වා ධාවනය කලා වෙන්න බැරිද?

:       0       51

පිටිගල මිලානෝ Friday, 19 January 2024 08:54 AM

පොලීසිය සිවිල් ඇදගෙන වාහන වලට අත දික්කලාම නවත්වන්න ඕනේ. නැත්නම් වෙඩි තියලා මරණවා. රටකට ගිය කලක්…..

:       0       43

kumara Friday, 19 January 2024 09:01 AM

වෙඩි තුනක් වැරදීමකින් වදින්න ඒක මැෂින් ගන් එකක් වත් ද? අනේ මෙහෙමත් පචයක්වත් ගොතා ගන්න බැරි බුද්ධිමතුන්!!! වෙන රටවල පොලිසියට ගන්නේ උගත් බුද්ධිමත් අය, සවි සම්පන්න අය. අපේ හරක් මැෂින් වලට මැෂින්ගන් තුවක්කු විතරයි අඩු. මමත්වය, ලොකු කම ඉහවහා ගිහින්. ලොකුම ලොක්කගේ ඉදන් එහෙමනේ. මිනිස්සුන්ට බිය ගන්වන්න තුවක්කු පෙන්වද්දි වෙඩි තුනක් යන්න විදිහක් නෑනෙ. දරුවො තුන් දෙනා අපරාධකාරයෝ වෙලා උඹලව කවද හරි මරලා දාවි. එදාට යමපල්ලන්ගෙන්වත් වැඩක් හරියට කරන්න ඉගෙන ගනිව්.

:       0       37

Liya Friday, 19 January 2024 09:07 AM

රෑ නොනවත්වා දාවනය කල කියල බොරු කියල රියදුරන්ගෙන් සල්ලි ගන්න පොලිස් සෙට් එකකුත් ඉන්නවා ඔය ලඉන් එකේ

:       0       32

ජයන්ත Friday, 19 January 2024 09:17 AM

මේ යන විදිහට ආණ්ඩුවෙන් විතරක් නෙමේ, පොලීසියෙනුත් රට බේරා ගන්න වෙයි වගේ.

:       0       35

Janindu Perera Friday, 19 January 2024 10:11 AM

සිවිල් ඇදුමින් අත දැම්මම ලොරිය නවත්තන්න ඩ්‍රයිවර්ට පිස්සුවක් ඇතිද?

:       0       42

සරත් කුමාර Friday, 19 January 2024 10:16 AM

"සිවිල් ඇඳුමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබේ." අත දැම්මෙ පොලිසියෙන් ද නැත්නම් මංකොල්ල කාරයොද කියල ලොරියෙ මනුස්සය දන්නෙ කොහොම්ද? ලොරිය නවත්තන්න කිසිම හේතුවක් මම දකින්නෙ නෑ. රජකාරියක් නම් ඒ විදියට වෙන්ඩ ඕනෙ. නැත්නම් ගෙදරයන ගමනුත් අත දාල නවත්තන්න කියයි. මාර කෙළියක්නෙ මේක. මේ ගොබ්බ වැඩේ කරපු අයට දඬුවම් කළයුතුමයි.

:       0       50

Sumith Friday, 19 January 2024 11:02 AM

මෝටර් රථ වාහන පනතට අනුව පොලිස් නිලදාරියා යනු නිල ඇදුමෙන් සැරසි සිටින අයකුය. මොවුන් හිතා මතාම චේතනාත්මකවම මනුෂ්‍ය ගාතනයක් කර ඇත

:       0       33

ධනුෂ්ක Friday, 19 January 2024 11:15 AM

පේන විදියට කට්ටිය මොකකට හරි සූදානම් වෙනවා. සාමාන්‍ය මිනිස්සු ගැටුමකට පොළඹව ගන්න හදනවා වගේ. ඊටපස්සේ පුලුවන් ඒවා දඩමීමා කරගෙන සමහර පක්ෂ තහනම් කරන්න. ඡන්දෙ නොතියා ඉන්න

:       1       32

රසික Friday, 19 January 2024 11:56 AM

පොලිසියේ අයට ඔක්කොටොම කලින් පිස්තෝල අවි පරිහරණය කරන්නේ කොහොමද කියලා අඩුම තරමේ මාසෙකට සැරයක්වත් පුහුණු කරන්න ඕන .පිස්තෝල නිකම් පත්තු වෙන් නෑනේ. මේකට සම්පුර්ණ වග කියන්න ඕන පොලිසිය

:       0       22

Ryan Friday, 19 January 2024 12:08 PM

පොලිසියට නගරවල මාර්ග අවහිර කළ හැකිද? ඔවුන් නගරවල නතර වූයේ ඇයි? වාහනයේ රියදුරු සිතන්නට ඇත්තේ ඔවුන් කොල්ලකෑමට හෝ මුදල් එකතු කිරීමට උත්සාහ කරන බවයි. සාමාන්‍යයෙන් පොලිසියේ අය ඉන්නේ නගරවල.

:       0       22

Don perea Friday, 19 January 2024 12:13 PM

රටේ බත් කන හරක් ඉන්නකම් පොලිසිය හදන්න බැහැ

:       0       27

Jeganathan Dalayan Friday, 19 January 2024 12:56 PM

මෙවැනි තිරිසන් රාජ්‍ය නිලධාරින්ව ප්‍රසිද්ධියෙන්ම එල්ලා මරන්න ඕනෑ. එසේ නැතිව ස්ථාන මාරුවක් දීම කිසිසේත් දඬුවමක් වෙන්නේ නැහැ.

:       0       22

pakeer Friday, 19 January 2024 02:49 PM

මේ පොලිස් කාරයා සේෆ්ටි ලොක් ඇදලා තමයි... පිස්තෝලෙ අරගෙන තියෙන්නේ... ඒ කියන්නේ ලොක් ඇන්ඩ් ලෝඩ්... වැරැදිලා වෙන්න බැහැ.

:       0       16

ajith Friday, 19 January 2024 02:53 PM

තුවක්කු සමග සිවිල් ඇඳුමින් මහා පාරේ ඉන්නේ මංකොල්ලකරුවන් පමණයි...

:       0       17

Ruwan Friday, 19 January 2024 02:57 PM

මේක මිනීමැරුමක්...! 

:       0       17

නිහාල් Friday, 19 January 2024 04:30 PM

වීඩියෝ කරපු කෙනා නොහිටියා නම් ලොරිය කුඩු, අයිස්, ගන්ජා වලින් පිරිලා. ලංකාවටම මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා මේ මියගිය පුද්ගලයා කරගන්න තිබුණා. අපරාදේ පොලිසියේ අවාසනාව...!

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘වත්මන් පාලනය මහින්ද අසරණ කරලා‘‘
2024 මැයි මස 16 127 0

රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතික කරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්ප


රුසියාවට සෙබළු පැටවූ රට රැකියා අයතන හිමිකරු - කළමණාකරු අත්අඩංගුවට
2024 මැයි මස 16 553 0

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත


’’සුරක්ෂා’’ රක්ෂණයට යළි පණ එයි
2024 මැයි මස 16 304 0

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.


ලක්ෂ 80 කොල්ලය වරදී:පොලීසියේ දෙකක් ඇතුළු හතරක් මාට්ටු
2024 මැයි මස 16 1214 0

මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,ම


උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි
2024 මැයි මස 16 273 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


වංචාවෙන් ඉපැයූ’’ වස්තු’’ රාජ සන්තකයට
2024 මැයි මස 16 569 0

වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 731 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2269 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1942 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site