(  ජී ඩබ්ලිව් කේ  ප්‍රේමතිලක ද සිල්වා)

රෝහල් සුළු සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා අද (18) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ඇති හෙයින් දැනට පොලිස් ආරක්ෂාව යටතේ ඔහු පසුවන බව පොලිසිය කියයි.

මෙම කරුණු සම්බන්ධයෙන් අදාල සේවකයන් සහ කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා අතර සාකච්ඡාවක් අද (18) උදෑසන පැවති අතර රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහිදී සේවක සේවිකාවන්ට පවසා සිටියේ අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් දැනට ඔවුන් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින ලෙසයි.

කෙසේ වෙතත් සේවක සේවිකාවන් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පැමිණ පරීක්ෂණයක් ආරම්භ කරන තුරු මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයත් නොහරින බවයි.