(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂකයන් රැසක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
සමහර අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් තමන්ට සහාය දක්වන ලෙසට ආරාධනා කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
සමහරු මුදල් සහ වෙනත් ත්‍යාග සහ වරප්‍රසාද ලබාදෙන බවටද පොරොන්දු ලබාදී ඇත.
මේ අතර සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ නිවෙසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ට සහාය දැක්වීම සඳහා ඡන්ද වේදිකාවට එක්වන ලෙසට ආරාධනා කර ඇතැයි වාර්තාවේ.
මේ අතර තම වේදිකාවට නැගීමට එක් අපේක්ෂකයකු ඩයනාගමගේ මහත්මියට රුපියල් කෝටි 10 ක ලන්සුවක් යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම් ගමගේ මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මෙයා චන්ද මැෂිමක් වගේ
අපි හිතන්නේ දයාන්ගේ හිතේ ඉන්න කුමාරයා රනිල් වෙන්න ඇති
අපේ රටේ කවදාවත් රටට වැදගත් සහ උවමනා කවුද කියන එක අදුර ගත්තේ නෑ..එකනේ ඩයනා ගමගේට මේ තරම් ඉල්ලුමක් ඇවිත් තියන්නේ.
කුලියට ලියන එකෙත් සීමාවක් තියාගන්න .ඕන මෝඩයෙක් දන්නවා මේ ගෑනි කට ඇරියොත් තියෙන ටිකත් නැති වෙනවා කියලා
ගංජා කාරයන්ගේ ඡන්ද ගන්නද? කසිප්පුකාරයන්ගෙ ඡන්ද ගන්නද? බොල් චරිත පුම්බන බොරු පවත් පළ නොකරනු මැනවි
හොඳට හොයලා බලන්න ඔය ගිය කට්ටිය කියන්නේ ඇත්තමද කියලා... පොල්ගහට රා බොන්න නැගලා අහුවුණාම තණකොළ කපන්න ගියා කියපු මිනිස්සු ඉන්න රටක් මේක...
ගලි බෞසරය එනවානම් අපිත් එනවා...
මේක තනිකර බොරුවක් කිසිම ඡන්ද පදනමක් නැති මෙයාව කිට්ටුකළ ගත්තොත් තියන ඡන්ද ටිකත් නැතුව යනවා...!