(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජි‍යේවා (Kristalina Georgieva) සහ නියෝජ්‍ය කළමණාකර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් (Gita Gopinath) යන මහත්මීන් අතර හමුවක් ස්විට්සර්ලන්තයේ දී සිදුවිය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගී විය. 

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු කෙරිණි.